වැලන්ටයින් දා පෙම්වතිය වෙනුවට අම්මා ඇවිත් සිද්ධ වෙච්ච අකරතැබ්බය

පෙම්වතුන්ගේ දිනය දා පෙම්වතිය එනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි පෙම්වතා හමුවීමට ඇගේ මව පැමිණ එකම අලි ජංජාලයක් වූ පුවතක් දකුණේ අගනගරයෙන් වාර්තා වේ.

ඔවුන් දෙදෙනා පෙමින් බැඳුණත් පෙම්වතාට පෙම්වතියගේ පාර්ශ්වයෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

තදබල අකැමැත්තකි. ඒ සිය දියණියට ඔහු නොගැළැපේ යයි හේතු කාරණා කිහිපයක්ම මුල් කරගනිමින්ය. මේ නිසාම ඔහු සමග පවත්වාගෙන යන ප්‍රේමය නතර කර දමන ලෙසට මවුපියෝ ඇයට තදින්ම දැනුම් දුන්නහ.

පෙම්වතුන්ගේ දිනය දා හිමිදිරියේම පෙම්වතියගේ ජංගම දුරකතනයට ඇමතුමක් එනුයේ ඇය නානකාමරයට ගොස් සිටියදීය. ඇයගේ ජංගම දුරකතනය තිබුණේ නානකාමරය ඉදිරිපිට ඇති කෑම කාමරයේ මේසය උඩය.

ඇය නානකාමරයට ගොස් වතුර සමග අවශ්‍ය කටයුතු සිදු කෙරුණු නිසා ජංගම දුරකතනය නාදවනු නොඇසිණ.

තමා පුල පුලා බලා සිටි ජංගම දුරකතන අංකය බව දැනගත් පෙම්වතියගේ මව ඊට සම්බන්ධ වූවාය.

ඇය කටහඬ ඉතාම පහත් කොට ඊට සම්බන්ධ වූවාය. දුරකතන ඇමතුම ලැබුණේ දියණියගේ පෙම්වතාගෙනි. පෙම්වතියගේ කටහඬ යයි රැවැටුණු පෙම්වතා පෙම්වතුන්ගේ දිනය සැමරීමට තමා හමුවන්නට එන්න යයි ඔහු කී විට මව එයට පිළිතුරු දෙමින් එන වෙලාව හා එන තැන අසා ගත්තේ ගෙදරින් පැන ගන්න ලැබුණොත් එන්නම් යයි ඉතා රහසින් පවසමින්ය.

‘මොකෝ මේ කවදාවත්ම නැතිව රහසින් කතා කරන්නේ’ යයි පෙම්වතා ඇසූවිට ඇය පැවැසුවේ නිවාඩු දිනයක් නිසා අම්මයි තාත්තයි ආසන්නයේ ඉන්නා බවය. ‘අනේ අද කොහෝම හරි එන්න’ යයි ඔහු ඉල්ලා සිටියේය. ඉතාම රහසින් ඇය කීවේ ‘හා හරි හරි, ඔයා කෝකටත් තැනට ඇවිල්ලා ඉන්නකෝ’ කියමින් ඉතා හදිසි බව පෙන්වමින් දුරකතනය විසන්ධි කළාය.

මේ ඇමතුම ලැබීමත් සමගම සිය දියණියගේ ජංගම දුරකතනය මවගේ බාරයට පත්විය. ඒ සමගම ඇයට නිවසින් බැහැරව යාම ද තහනම් කෙරිණ.

පෙම්වතා නියමිත වේලාවටත් කලින් නියමිත ස්ථානයට පැමිණ සිටියේය. ඔහුට නොපෙනෙන්න පෙම්වතියගේ මව ඔහු අල්ලා ගැනීමට ගියත් තමාට අඩි තුන හතරක් ඉදිරියෙන් එමින් සිටි පෙම්වතියගේ මව දුටු ඔහුට දෙවියන් බුදුන් සිහි වූයේය. ගාල කඩාගත් හරකකු මෙන් ඔහු දිව ගියේ එකත් එකටම උදේ දුරකතන ඇමතුම ලබාගෙන ඇත්තේ පෙම්වතිය නොව ඇයගේ මව බව සිහියට නගමිනි.

‘මොකෝ ගිය වැඩේ හරි ගියා ද’ යැයි පෙම්වතියගේ මව ගෙට ගොඩ වැදෙනු දුටු පියා ඇසුවේය. ‘කොහේද මම දැක්ක විතරයි ඌ ගාල කඩාගත්ත හරකා වගේ දිව්වනේ, කනට දෙකක් දෙන්න ඉස්සර වෙලා’ යයි කීවේ ඒ අවස්ථාවේ නිවසේ රැඳී සිටි අමුත්තන් ද අමතක කරමින්ය. ඒ නිසා අමුත්තන්ට ද ඇය නිවෙසින් පිටව ගිය කාරණය කියන්නට සිදුවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

නුවරඑළියේ මේ දිනවල යනවනම් බලාගෙන යන්න කලින් මේ විඩියෝ එකත් බලන්න

මේ දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අතුරු මංමාවත් දිගේද විශාල දිය...

ප‍්‍රබල දේශපාලන නායකයකුගේ පුතෙක් එක්ක සමාජ ශාලාවක කොකෙන් බීලා පිස්සු නටලා හිරෙත් ගියා

මීගමුවේ ‘බෙපෙස්දා පුනර්ජීවන මධ්‍යස්ථානය’ කුඩු නිසා වැනසුණු ජීවිත සුවපත් කරන ආයතනයකි.එම මධ්‍යස්ථානයේ භාරකරු දළුවත්තගේ...

බංගලියන් පරදා ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබයි

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ  බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන සුපිරි 12 වටයේ...

ඇමරිකාවේ ඉදන් ගයේෂා පෙරේරා උපන් දිනය සැමරූවේ මෙහෙමයි – Photos

විලාසිතා නිසා වගේම කතාබහට ලක් වෙන චරිත නිරූපණය කළ රංගන ශිල්පිනියක් ගයේෂා පෙරේරා කියන්නේ....

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

කොවිඩ් වෛරසයට එරෙහිව ලබා දෙන ෆයිසර් " එන්නත් මාත්‍රා ප්‍රමාණය 305,370 ක් අද දින...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x