30 C
Colombo
Friday, September 17, 2021

වැලිකඩ බන්ධනාගාරය අසල ඔත්තු බැලූ අයෙකුට සිදු වු දේ

අද (13) පෙරවරු කාලයේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ආසන්නයේ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාරයට මුහුණ ලා ඇති බේස්ලයින් මාවතේ පදික වේදිකාවේ සිට ඔහු ඔත්තු බලමින් සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටින බව බන්ධනාගාර නිලධාරීන් නිරීක්ෂණය කර තිබේ.

ඒ අනුව බන්ධනාගාර අවි අංශයේ නිලධාරීන් විසින් ඔහු සිටින ස්ථානයට පැමිණෙන විට එම පුද්ගලයා බේස්ලයින් මාර්ගය හරහා කැම්බල් ක්‍රීඩාංගණය දෙසට දිව ගොස් ඇත.

නිලධාරීන් සැකකරු පසුපස ලුහුබැඳ ගොස් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවෙකුට මත්ද්‍රව්‍ය ලබාදීම සඳහා පැමිණි බවද ඔහු පවසා තිබේ. 

සැකකරු පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය හමුවී නොමැති අතර ඔහු සතුව තිබූ ජංගම දුරකථනය නිලධාරීන් භාරයට ගෙන ඇත.

ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරුව බොරැල්ල පොලීසියට භාරදී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

අද සිට රජයෙන් ඔබට නොමිලේ ලැබෙන දේ

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ස්ථිර සහ තාවකාලික පදිංචිකරුවන්ට අද සිට නොමිළයේ කොවිඩ්...

එන්නත් දෙකම නොවිද්ද අයට අලුතින් පැනවෙන තහනම

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන්ට රාජ්‍ය ආයතන සහ පොදු ස්ථානවල ගැවසීම තහනම් කිරීමට මන්නාරම...

ශ්‍රී ලංකාව බංකොලොත් වෙනවා සජිත් කිවූ දුක හිතෙන කතාව

කොරෝනා ව්‍යසනය හේතුවෙන් වෙනත් කිසිදු රටක් කඩා නොවැටුණු තරම් බංකොලොත් තත්ත්වයකට ශ්‍රී ලංකාව  පත්වෙමින් ඇති...

ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට කොරෝනා

ඔලිම්පික් පදක්කම්ලාභී, හිටපු සුපිරි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. අසනීප...

රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් 60,000 පුහුණු කාලය මේ මස අවසන්

රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් හැටදහසකගේ පුහුණු කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීම සඳහා වූ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x