Central Bank Central Bank

වික්ටෝරියා ජලාශයට කාර් රථය පෙරළී තරුණයෙකු මිය යෑම ගැන මවගෙන් පැමිණිල්ලක්

මෝටර් රථය සමග වික්ටෝරියා ජලාශයට පෙරළී මියගිය තරුණයාගේ මරණය සැක සහිත බව ඔහුගේ මව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මහනුවර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

ගුරුදෙනිය ඉලුක්මෝදර ප්‍රදේශයේදී වික්ටෝරියා ජලාශයට ඉකුත් 27 වැනි දා රාත්‍රී එම මෝටර් රථය පෙරළි තිබුණා.

ඒ අවස්ථාවේ මෝටර් රථය ගමන් කළ තිදෙනකු අතරින් දෙදෙනෙක් දිවි බේරා ගත් අතර එක් තරුණයකු මෝටර් රථය සමග දියේ ගිලුණා. එසේ ගිලුණු කාර් රථය සහ තරුණයාගේ සිරුර පැය 12 පමණ මෙහෙයුමකින් පසු සොයා ගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී ජේ රත්නායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මියගිය අයගේ මවගේ පැමිණිල්ලට අනුව කොට්ඨාස අපරාධ විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කොට ඇති බවයි.

එම අනතුරින් මිය ගියේ ගුරුදෙනිය ඉලුක්මෝදර ප්‍රදේශයේ පදිංචි අමිල ඒකනායක නැමැති 30 හැවිරිදි තරුණයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
4
මාර දුකයි !
8
මලපනිනව !
3
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්