විකිරණශීලී ද්‍රව්‍ය සහිත නැවක් හම්බන්තොට වරායේ – වහා පිටත්වන්නැයි දැනුම් දෙයි

හම්බන්තොට වරාය වෙත පැමිණ තිබූ චීන නැවේ විකිරණශීලී ද්‍රව්‍ය ඇති බවට හෙළිවීම හේතුවෙන් එම නැවට වහාම එම වරායෙන් පිටත්වන ලෙස දැන්වූ බව පරමාණුක බලශක්ති නියාමන සභාව පවසයි.

නෙදර්ලන්තයේ සිට චීනය බලා යාත්‍රා කළ නෞකාවක් යාන්ත්‍රික දෝෂයකට ලක්වීම හේතුවෙන් එය හම්බන්තොට වරායට ඇතුළු කිරීමට අවසර ඉල්ලා තිබේ.

ඒ අනුව හම්බන්තොට වරායේ ප්‍රධානියා විසින් ඊට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් නෞකාව සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවකදී එහි විකිරණශීලි ද්‍රව්‍ය ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ වරාය ප්‍රධානියා විසින් ඒ සම්බන්ධයෙන් පරමාණුක බලශක්ති නියාමන සභාවට දැනුම් දී තිබේ.

අනතුරුව එහි නිලධාරීන් විසින් නෞකාව වහාම ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇති අතර (21) උදෑසන වන විට නෞකාව හම්බන්තොට වරායෙන් ඉවත් කරගෙන ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් නිසි දැනුම්දීමකින් තොරව විකිරණශීලි ද්‍රව්‍ය ගබඩා කළ එම නෞකාව හම්බන්තොට වරායට ඇතුළු කිරීම සම්බන්ධයෙන් නැව් සමාගමේ මෙරට නියෝජිතවරයාට ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මෙරට වැඩිම දෛනික ආසාදිතයින් සහ මරණ වාර්තා වෙයි

දිනක් තුළ හඳුනාගත් වැඩිම අසාදිතයින් සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ (05) දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,939...

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 745දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 745ක් දක්වා ඉහළ ගියා.ඒ තවත් මරණ 11ක් වාර්තා වීමත්...

කොවිඩ් 19 එන්නත් ලබා ගත හැකි ස්ථාන

අද (11) දිනයේ පහත සඳහන් ස්ථානවලදී කොවිඩ් 19 එන්නත ලබා ගත හැකියිඋදේ 9.30 සිට...

කොවිඩ් මරණ 22ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 22ක් මියගොස් ඇති බවට(08) දිනයේ තහවුරු වු බව...

බස් රථයක් ‘වාහන දෙකක ගැටී’ ජීවිත දෙකක් බිළි ගනී

නුගේගොඩ, වැලිපාර ප්‍රදේශයේ දී ඊයේ (06) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා.පෞද්ගලික...

පෞද්ගලික අංශයේ සේවකයින්ට ලැබෙන්න යන වාසිය

සේවක අර්ථසාධක අරමුදල් පනත් සංශෝධනය කරමින් පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට කෙරෙහි රජයේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x