32 C
Colombo
Tuesday, April 20, 2021

විගමනික ශ්‍රමිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට කරන්න යන දේ

පෞද්ගලික අංශයේ සංචාරක හෝටල් හා නිකේතන දහයක් නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා ජාතික කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ අනුමැතිය සහිතව තෝරාගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

Covid 19 වසංගත තත්ත්වය මත, මැද පෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවන් හි නිරත විගමණික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ඉතා කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වූ නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් සැපයීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ අවධානයක් යොමු වුණා.

ඒ අනුව විගමිනික ශ්‍රමිකයන්ට නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන ද සම්බන්ධ කරගනිමින් ක්‍රමවේදයක් සකස් කරන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පසුගිය දා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් දී තිබෙනවා.

එම උපදෙස් මත වැලිගම ජගාබේ රිසෝර්ට්, පැරඩයිස් බීච් සහ නෙප්චූන් රිසෝර්ට්,හික්කඩුව හික්කා එෆ්.එන්.ආර් සහ කොරල් රීෆ් ගෙස්ට්,වාද්දුව බ්ලූ ස්ප්‍රින්ග්,දික්වැල්ල විලා ජයනන්ද,මීගමුව කැටමරාන්,අහංගම ජයන්ති සර්ෆ් සහ තංගල්ල සැන්ටන් රිසෝර්ටි යන හෝටල් සහ නිවාඩු නිකේතන මෙම විගමනික ශ්‍රමික නිරෝධායන මධ්‍යස්ථාන සඳහා තෝරාගෙන තිබෙනවා.

මෙම හෝටල් දහය මගින් එක් වරකට පන්සිය හැත්තෑ එක් දෙනෙකුට නිරෝධායන පහසුකම් සැපයිය හැකි බවත්, හෝටල් ගාස්තු, ආහාර පාන සහ සෙසු සියලු පහසුකම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සම්පාදනය කරන බවත් ඔවුන් සඳහන් කරනවා.

මේ නිරෝධායන පහසුකම් සැපයීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතියකට රුපියල් මිලියන 18 ක් වැය කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

උතුරේ තරුණයින් අත්අඩංගුවට ගැනීම ගැන දෙමළ සන්ධානයේ විරෝධය

රජයට එරෙහිව නැගෙන විරෝධතා සහ අප්‍රසාදය වසාගැනීමේ අරමුණින් සැළසුම් සහගතව උතුරු පළාතේ දෙමළ තරුණයින්...

අවුරුදු සැමරිල්ලෙන් කොරෝනා තුන්වැනි රැල්ලක්

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සමරනවිට රට තුළ කෝවිඩ් වසංගතය පවතින බව දැන ජනතාව...

වේලි ඔයේ ගසාගෙන ගිය මහරගම පියා සහ පුතා

හල්දුම්මුල්ල, කළුපහණ ප්‍රදේශයේ වේලි ඔයේ දිය නෑමට ගොස් සිටියදී දිය පහරකට හසුව අතුරුදන්ව සිටි...

විජේදාසට ආව වගේ දුරකතන ඇමතුම් මටත් එනවා..- ඇමති ඉන්දික අනුරුද්ද

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට පැමිණි ආකාරයේ දුරකථන ඇමතුම් තමනටද ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය...

කාලගුණ අනාවැකි

බස්නාහිර සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.මධ්‍යම , සබරගමුව,...

හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 309 දෙනෙකු කොළඹ ජාතික රෝහලට

පසුගිය දින දෙකක කාලය තුළ දී හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 309 දෙනෙකු කොළඹ ජාතික...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x