විභාගයක් ලියමින් සිටින අතරතුර අසනීප වී මියගිය සිසුවියගේ මරණයට හේතුව

වනාතවිල්ලුව බණ්ඩාරනායක විද්‍යාලයේ මියගිය 14 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයට හේතුව අනාවරණය වී තිබේ.

මොළයේ දුර්වලව තිබු නහරයක් හදිසියේ පුපුරායාමෙන් මොළය තුළ ඇතිවු රුධිර වහනයෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇතැයි පුත්තලම මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.ටි.එස් බණ්ඩාර මහතා විසින් සනාථ කර ඇත.

එලෙස මරණයට පත්ව තිබුණේ වනාතවිල්ලුව බණඩාරනායක විද්‍යාලයේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි රවීෂා ධනංජනී නැමති පාසල් සිසුවියකි.

අදාළ සිසුවිය අප්‍රේල් මස 6 වන දින විභාග ප්‍රශ්න පත්‍රයකට පෙනී සිටිය දී හදිසියේ රෝගී වීමෙන් පසු වනාතවිල්ලුව රෝහලට යවා තිබුණි.

එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මුලික රෝහලට යැවීමෙන් පසු මරණයට පත්ව ඇත.

කෙසේවෙතත් මියගිය දැරියගේ පවුලේ අය පවසා තිබුණේ, දැරිය අසනීප සිටිය දී කඩිනමින් ප්‍රතිකාර සඳහා රෝහල්ගත නොකිරීම හේතුවෙන් ප්‍රතිකාර කිරීමට ප්‍රමාද වී දැරිය ජීවිතක්ෂයට පත්වු බවය.

දැරිය මරණයට පත්වීමෙන් පසු සිරුර පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ජෛව පටල සාම්පලයක් ලබාගැනීම සිදුව තිබු අතර එම වාර්තා අනුව දැරිය කොරෝනා ආසාදිතයෙක් නොවන බවට සනාථ කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
20
කුජීතයි !
2
මලපනිනව !
1
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන 2500 ඉක්මවයි

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 2659 ක් වාර්තා වීමත් සමඟ මෙරට දිනෙක වාර්තා වූ කොවිඩ්...

PCR කරන්න ගොස් ගුරුවරියකට හදි කළැයි PHI අත්අඩංගුවට

පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරමින් සිටින අතරතුර පාසල් ගුරුවරියකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්...

තම ජීවිතය පරදුවට තබා අනුරාධපුර බැංකු මංකොල්ලය වැළකූ වීරයා පළමු වරට හඬ අවදි කරයි

අනුරාධපුර නගරයේ පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙනා මුදල් කොල්ලකෑමට උත්සහ කළ පුද්ගලයන්...

කැස්බෑවේ අලුත් අවුරුදු උත්සවයට සහභාගිවූ සියලු දෙනාටම කොවිඩ් !

පසුගිය අවුරුදු සමයේ කැස්බෑව ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකට සහභාගී වූ සියලුම දෙනා හට කොවිඩ්...

15 හැවිරිදි දැරියට ගුරුවරයා කල නුහුලන අපරාධය

අසැබි වීඩියෝ දර්ශන පෙන්වා 15 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියකට අතවර සිදු කරන ලද බව...

රට වසා දැමීමේ තීරණය ඇතුලු ඉදිරි දින කිහිපයදී පනවන සීමාවන් මෙන්න

රට වසා දැමීම හෙවත් ලොක්ඩවුන් කිරීමේ කිසිදු තීරණයක් නැතැයි, කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x