විභාග කොමසාරිස් ජනරාල් ධුරය සඳහා සුදුසුකම් තියෙන කවුරුවත් නෑලූ

විභාග දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමු වරට විභාග කොමසාරිස් ජනරාල් ධුරය සඳහා අයැදුම්පත් කැඳවා සුදුස්සකු බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙතෙක් කොමසාරිස් ජනරාල් තනතුර සඳහා බඳවා ගැනුණේ දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවා අත්දැකීම් සහිත අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීන් ය.

එසේ නමුත් මේ වන විට විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණීයේ සුදුසුකම අවශ්‍ය වන අතර එම සුදුසුකම සපිරූ නිලධාරීන් දෙපාර්තමේන්තුවේ නොමැත.

කෙසේ වුව ද මෙවර මෙම තනතුර සඳහා පත් කෙරෙන්නේ අයැදුම්පත් කැඳවීමෙන් බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ ට ඊයේ (26 වැනිදා) පැවසීය. අයැදුම්පත් කැඳවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවත් මහාචාර්යවරයා කීවේය.

මීට පෙර දෙපාර්තමේන්තුවට පිටින් මෙම තනතුර සඳහා නිලධාරියකු පත් කර ඇත්තේ එක් වරක් පමණි. ඒ හිටපු අධ්‍යාපන ඇමැති රිචර්ඩ් පතිරණගේ සමයේ දී ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
4
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
3
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වගකීම් අත්නොහල ලාංකිකයින්

මෙරට කොවිඩ් ව්‍යාප්තියේ උච්ච්තම අවස්ථාවට එළඹුණේ ඉකුත් අගෝස්තු සහ සැප්තැම්බර් මාසයන් හිදීය. එම කාල සීමාව...

රුපියල් 98 ට සහල් ගත හැකි තැනක් ගැන බන්දුල ගුණවර්ධන හෙලි කරයි

පොන්නි සම්බා කිලෝ එකක් සතොස මගින් රුපියල් අනූ අටකට අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි...

කොවිඩ් සමයේ ළමයි හදන්න එපා ද? නැවත ඒ ගැන යළි අනාවරණයක්

කොවිඩ් වසංගත තත්ත්වය පවතින මෙම අවස්ථාවේ දී දරුවන් සාදනවා ද නැද්ද යන්න තීරණය කළ...

මහින්ද මහත්තයෝ රට භාරගන්න

‘‘මහින්ද මහත්තයෝ රාජපක්ෂ පරම්පරාව තවදුරටත් රැකගැනීමට අවශ්‍ය නම් දැන්වත් නිහඬ පිළිවෙතෙන් මිදී දිනෙන් දින...

වස ඉල්ලන අයට වකුගඩුවක් ඇඳලා දුන්නා නම් හරි! – GMOA සභාපති ජනපති හමුවේ කියයි

මෙරට රසායනික පොහොර ඉල්ලා සිටින ඇතැම් ප්‍රදේශවල ජනතාව ජල පෙරහන් යන්ත්‍රද ඉල්ලා සිටින්නේ වකුගඩු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x