25 C
Colombo
Tuesday, April 13, 2021

විවාහක රූ රැජිණ කිරුළ අහිමි වූ පුෂ්පිකාගේ සැමියා කියන කතාව

ශ්‍රී ලංකා රූ රැජිණ හෝ විවාහක රූ රැජිණ තරඟයට ඉදිරිපත්ව ජයග්‍රහණය කිරීම ඕනෑම නිරූපිකාවකගේ හීනයක්. පුෂ්පිකා ද සිල්වා කියන්නේ ඒ විදිහට ශ්‍රී ලංකාවේ රූ රැජින වූ රුවැත්තියක්, ඇය ඊයේ නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයටත් සම්බන්ධ වුණා. 

ඉන් ජයග්‍රහණය කර ඔටුන්න හිමි කරගැනීමට වරම් හිමි කරගත්තා. කෙසේ නමුත් ඇයට එම කිරුළ හිස දරා සිටීමට හැකි වුයේ විනාඩි ගණනාවක් පමණයි . ආරාධිත අමුත්තන් විවාහක රූ රැජිනියන්ට කිරුළු පළදා වේදිකාවෙන් නික්ම ගිය පසු වේදිකාවට ගොඩ වන හිටපු විවාහක රූ රැජිණවන කැරොලින් ජූරී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසන්නේ කිරුළු පළන් රූ රැජිණ ඒ සඳහා සුදුසු නැති බවයි ඊට හේතුව ලෙස ඈ පවසන්නේ තරඟාවලියේ නීති රීති අනුව ඊට එක්වන සෑම තරගකාරියක්ම විවාහක විය යුතු අතර දික්කසාදය වුවන් නොවිය යුතු බවයි , ඉන් අනතුරුව විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැලදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා දෙවැනි ස්ථානය දිනාගත් රුවත්තියගේ හිස පළදන්නේ අවසන් තරඟය නැරඹීමට පැමිණි සියල්ලන් මවිත කරමින්.

මෙම සිදු වීම් මාලාව සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබන පුෂ්පිකා ද සිල්වාගේ සැමියා වන තිලංක දාබරේරා සඳහන් කරන්නේ, තමා සහ පුෂ්පිකා අතර වසර 4ක පමණ කාලයක පටන් කිසිදු සම්බන්ධයක් නොමැති බැවින්, මේ පිළිබඳව තමන්ගෙන් නොවිමසන ලෙසටයි.

තම දරුවාගේ මව ලෙස ඇය පිළිගන්නා නමුත්, ඊට අමතරව ඇය සමඟ කිසිදු සම්බන්ධයක් නැති බවත් ඔහු එම සටහනේ සඳහන් කරනවා.

එමෙන්ම, මේ වනවිට පුෂ්පිකාගෙන් නීත්‍යානුකූලව වෙන්වීම සඳහා කටයුතු කර ඇති බවත්, මේ වනවිට එම නීති ක්‍රියාමර්ගය අවසන් අදියරයේ පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

කෙසේ වෙතත්, පුෂ්පිකා හට යළිත් කිරුළ ලබාදීමට කටයුතු කර ඇති බව ද, මෙම තරගාවලියේ සංවිධායකවරුන් ප්‍රකාශ කළා.

| Gossip Lanka

පෙර පුවත – විවාහක රූ රැජිණ තරගය බාල්දු කරමින් තරගයේ සිදු වු වරද

අහිමි කළ ‘විවාහක රූ රැජිණ කිරුළ’ යළිත් පුෂ්පිකාට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
60
අවුල් වගේ !
9
හරි හිනා !
38
හම්මෝ !
5
මාර දුකයි !
5
කුජීතයි !
25
මලපනිනව !
13
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර ගැන පොලිසිය ගත් තීරණය

කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි සහ ප්‍රවීණ...

කැරොලයින් ජූරි ලෝක රූ රැජින කිරුළ අත හරින කතාව බොරුවක්.. ඇත්ත මෙන්න

2020 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි තම කිරුළ අත හරින බවට වැරදි වැටහිමක්...

ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන බිරිඳගේ උපන් දිනය වෙනුවෙන් පල කල ආදරණීය සටහන

ධනංජය සිරිවර්ධන කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පියෙක් .දින කිහිපයකට ඉහතදී ඔහු සහ...

රටක් කැළඹූ කිරුළේ අර්බුදය, ජාත්‍යන්තර මාධ්‍ය හාස්‍යයට ලක් කළ හැටි මෙන්න

2020 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි අද සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක්...

විවහා දිවියේ දස වසර සමරන ගායන ශිල්පිනී නදිනි ප්‍රේමදාස

නදිනි ප්‍රේමදාස කියන්නේ අපේ රටේ ජනප්‍රියම ගායිකාවක් . කාලයකට ඉහතදී එක්තරා රූපවාහිනී රියැලිටි තරඟයක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x