29 C
Colombo
Friday, September 17, 2021

විශ්‍රාම වැටුප සහ නව තනතුර ගැන කබ්රාල් කරුණු කියයි

විශ්‍රාම වැටුප තමාට හිමි වියයුතු වරප්‍රසාදයක් බවත් කොතරම් මඩ ප්‍රහාර එල්ලවුවද තමාගේ ගමන වෙනස් කළ නොහැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

අද (08) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

“සමාජ මාධ්‍යයෙන් එක් එක් කණ්ඩායම් මගින් මට මඩ ගහනවා. ඒවා නිසා මගේ ගමන වෙනස් කිරීමට බලාපොරොත්තුවක් නෑ. විශ්‍රාම වැටුප විදිහට කිසිම රජයකින් මම සතයක්වත් අරගෙන නෑ. මම තීරුබදු රහිත වාහනයක්වත් අරගෙන නෑ. අවුරුදු අටහමාරක් පමණ මම මහ බැංකුවේ අධිපති විදිහට කටයුතු කළා. විශ්‍රාම වැටුප මට හිමිවිය යුතු වරප්‍රසාදයක්. 2006 ජනාධිපති ලේකම් මට පත්වීමේ ලිපිය දෙනකොටත් එහි සඳහන් කර තිබුණා, විශ්‍රාම වැටුප දෙන්න ඕනි කියලා. නමුත් මට තාම එය හිමිවුණේ නෑ. නැවත මහ බැංකුවේ අධිපති ලෙස යෑම පිළිබඳව තහවුරු කරන්නත් බෑ. ප්‍රතික්ෂේප කරන්නත් බෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
7
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

මත්ද්‍රව්‍ය සඳහා මුදල් නොදුන් නිසා බිරිඳගේ අත පය බැඳ කල ලොවක් නුහුලන අපරාධය

අයිස් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට මුදල් ලබා නොදුන් නිසා බිරිඳකගේ අත පය බැඳ මුහුණ ගිනි...

පහන්තුඩාවේ යුවලට අවසානයේ අත්වු ඉරණම මෙන්න

බලන්ගොඩ ප්‍රදේශයේ ඇති පහන් තුඩාව පසුබිම් කරගෙන අසභ්‍ය විඩියෝවක් රෑගත කර එය අන්තර්ජාලයට මුදා...

ඇමති විමලවීරට හූ කියා ගමෙන් පන්නයි.. ‘මට හූ කීවේ මිනිස්සු වෙන්න බෑ’ ඇමති කියයි..

අම්පාර ප්‍රදේශයේ ගොවීන් විසින් වනජීවි ඇමති විමලවීර දිසානායක මහතාට දැඩි විරෝධයක් එල්ල කළේය. අම්පාර රජවැව...

කරාපිටිය රෝහලේ සේවකයාට උණුවතුර ප්‍රහාරයක් -මුහුණ පිළිස්සී රෝහලේ

කරාපිටිය රෝහලේ ආපන ශාලාව තුළදී යුද හමුදා සෙබළකු සහ රෝහල් කම්කරුවකු අතර ඊයේ (14දා)...

ඉතාලියේදී අගමැතිට එරෙහිව කළුකොඩි එසවීම ගැන අගමැති කී කතාව

ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර සුහද...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x