30 C
Colombo
Friday, September 17, 2021

විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කියන බය හිතෙන කතාව

රට මුහුණදී ඇති දැඩි අවදානම නිවැරදිව තේරුම් නොගෙන, ඊළඟ කොවිඞ් ප්‍රභේදයට මුහුණදීමට සූදානම් නොවුණහොත්, රටේ ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්වීම වැළැක්විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියා සිටියේ කොවිඞ් වසංගතයේ ආරම්භයේ තිබූ වූහාන් ප්‍රභේදයට වඩා, වරින්වර ඉස්මතු වූ ඇල්ෆා සහ ඩෙල්ටා ප්‍රභේදයන් ආරම්භක ප්‍රභේදයට වඩා දරුණු වූ බැවින්, අනාගතයේදී මීට වඩා දරුණු ප්‍රභේදයන් ඇතිවිය හැකි බවට අනුමාන කළ හැකි බවයි.

මෙම වෛරස් ප්‍රභේදවල දරුණුවීමත් සමග වඩා දරුණු වූ හතරවන රැල්ලකටද මේ වනවිට මුහුණදීමට සිදුවී ඇතැයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර කොවිඞ් ආසාදනය වීමෙන් මියයන බොහෝ පුද්ගලයින් එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ නොකළ හෝ කිසිදු එන්නතක් ලබා නොගත් පුද්ගලයින් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මේ බව සඳහන් කළේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
2
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
19
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
8
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ලොවට තවත් ව්‍යහසනයක සලකුණු

1980 වසරේ වාර්තාවූ අධික උණුසුම පවතින දින ගණන මේ වනවිට දෙගුණයකින් ඉහළ ගොස් ඇති...

අපිට වෙලා තියෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්! දේව සාපයක් රටට වැදිලා

ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ගොඩ නැගී ඇති බවත්, රටට දේව සාපයක් වැදී ඇතිදැයි...

කොවිඩ් රෝගීන්ට වැළඳෙන තවත් දිලීර දෙකක්

කොවිඩ් 19 වෛරස ආසාදිතයින් අතර පැතිරෙන කළු දිලීර රෝගයට අමතරව කොවිඩ් ආසාදිත රෝගීන්ට වැළදෙන...

ජනතාව මේ මොහොතේ විවිධ පරිත්‍යාග කල යුතුයි.. රජයෙන් විවිධ දේ ඉල්ලිය යුතු නෑ

රටක් හැටියට ජනතාවක් හැටියට මේ මොහොතේ විවිධ පරිත්‍යාග කළ යුතු වෙලාවක් බව ශ්‍රී ලංකා...

ස්ථාන කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x