25 C
Colombo
Tuesday, April 13, 2021

වූහාන්හි සිරවූ ලාංකිකයන් ⁣බේරාගන්න ස්වේච්ඡාවෙන් ආ ප්‍රධාන ගුවන් නියමුවා,

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඉවත් කරයි

වූහාන්හි සිරවූ ශ්‍රී ලාංකිකයන් ⁣බේරාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ප්‍රධාන ගුවන් නියමුවා ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඉවත් කරයි..!

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා මෙහෙයුම් ප්‍රධානි හා ප්‍රධාන ගුවන් නියමු තනතුරු හෙබවූ නිලධාරින් දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කර ඇත.

මෙසේ තනතුරුවලින් ඉවත් කර ඇත්තේ ගුවන් යානා මෙහෙයුම් ප්‍රධානී ප්‍රවීන් වෙත්තමුණි හා ප්‍රධාන ගුවන් නියමු චමින්ද ඩී සොයිසාය. කොවිඩ් වලින් චීනය ගිලගනිද්දී වුහාන් ප්‍රාන්තයේ සිරවූ ශ්‍රීලාංකිකයන් මෙරටට රැගෙන ඒමට ශ්‍රී ලන්කන් ගුවන් යානයක් චීනයට ගොඩබැස්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ගුවන් නියමුවා වූයේ චමින්ද ඩී. සොයිසාය.

පියාසර කිරීමේ බලපත්‍රය කල් ඉකුත් වූ අයකුට සහායක නියමුවකු ලෙස ඒ 330 වර්ගයේ ශ්‍රී ලන්කන් ගුවන් යානයක පියාසර කිරීමට ඉඩ සැලසීම මෙම නිලධාරින්ට එල්ල වූ ප්‍රධාන චෝදනාවකි.

ඉකුත් වසරේ දෙසැම්බර් 15, 18, 19 තෙදින තුළ සහායක නියමුවකු ලෙස සුදුසුකම් නොලත් අයකුට ඒ 330 යානාවක දකුණුපස නියමු ආසනයේ ගමන් කිරීමට ඉඩ සලසා ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්   ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි වෙත ලිඛිතව දන්වා තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
5
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
26
කුජීතයි !
5
මලපනිනව !
16
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

එක දවසට 13ක් මරුට

ඊයේ(08) දින මහමග සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දහතුන් දෙනෙක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය...

තවත් කොරෝනා පොකුරක් පත්තු වේ..

කොරෝනා ආසාදිත රැදවියන් 105 දෙනකු වැලිකඩ බන්ධනාගාරයෙන් පසුගිය දින දෙකක කාලය තුලදි හඳුනාගෙන තිබේ.බන්නාගාර...

ඩෙන්මාර්ක්-ඉරාක කොරෝනා විකෘතිය කොළඹින් මතුවෙයි

ඩෙන්මාර්කයේ සහ ඉරාකයේ ව්‍යාප්ත වන B.1.428 කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ අසාදිතයින් තිදෙනෙකු කොළඹ ප්‍රදේශයෙන්...

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ...

කාලගුණයෙන් රතු නිවේදනයක්

දිවයිනේ පළාත් කිහිපයක අද (12) රාත්‍රියේදී ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x