වෙලේ සුදාට බන්ධනාගාරයේදි සැප දෙන්න මුදල් විසි කළ පුද්ගලයෙකු කොටු

සංවිධානාත්මක පාතාල කල්ලි නායකයෙකු බව කියන සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සමග සමීප සබන්ධතා පැවැත්වු සැකකරුවකු ඉමදුව, ඇල්ලලගොඩ ප‍්‍රදේශයේ නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හෙරොයින් ග‍්‍රෑම් එකයි මිලිග‍්‍රෑම් 300 ක්, රුපියල් 37,500ක මුදලක්, ජංගම දුරකථන 04ක් සහ බැංකු ගිණුමට අදාල පාස්පොතක් ද සමගින්. 

ඉමදූව පොලීසිය පැවසුවේ රුපියල් ලක්‍ෂ 20 කට අධික මුදලක් ඔහුගේ බැංකු ගිණුම හරහා සංසරණය වී ඇති බවයි. බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින වෙලේ සුදාට අවශ්‍ය පහසුකම් මෙම සැකකරු විසින් සපයා ඇති බවයි පොලීසිය පැවසුවේ. 

ඉමදූව ඇල්ලලගොඩ ප‍්‍රදේශයේ එම නිවසේ රැදී සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකුද මෙහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන ”දෙමටගොඩ චමින්දගේ” සමීපතමයෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. ඒ, අලූත්කඬේ ප‍්‍රදේශයේදීයි.
මේ අතර, ගතවූ පැය 24 ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 420 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් පුද්ගලයින් 174 දෙනෙක් හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර දැනට රැුඳවුම් භාරයේ සිටින පාතාල නායකයෙකු බව කියන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්සිත නොහොත් මාකදුරේ මධූෂ් මුදා හැරීමට නියෝගයක් නිකුත් කරන ලෙසට කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහුගේ නීතිඥවරයා අධිකරණයට පවසා ඇත්තේ තම සේවාදායකයා නීතිවිරෝධී ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රඳවා ගෙන සිටින බවටයි. 

එම ඉල්ලීම සම්බන්ධයෙන් සිය නියෝගය ප‍්‍රකාශයට පත් කරමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක පවසා සිටියේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවා ප‍්‍රශ්න කරන සැකකරුවන් මුදා හැරීමට තමාට බලයක් නොමැති බවයි. සැකකරු අත් අඩංගුවට ගැනීමේදී යම් අකටයුත්තක් සිදුව ඇත්නම් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කළ හැකි බවද මහේස්ත‍්‍රාත්වරයා අවධාරණය කර තිබෙනවා.

මේ අතර හෙරොයින් ග‍්‍රෑම් 02 ක් සමග විශ‍්‍රාමික යුධ හමුදා කර්නල්වරයෙකු මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් සැකකරුවන් දෙදෙනකු හෙරොයින් ග‍්‍රෑම් 60 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි. අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 100 ක් සමග සැකකරුවන් දෙදෙනෙක් ද කෙසෙල්වත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මේ අතර මත්තේගොඩ ප‍්‍රදේශයේදී නිවසක තිබී ටී 56 උණ්ඩ 04 ක්ද සොයා ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ එම උණ්ඩ එම නිවසේ ජනෙල් උළුවස්සේ සගවා තිබූ බවයි.
මේ අතර බුදුරුව සහිත සාරියකින් සැරසී සිටි කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

නාරාහේන්පිට පොලීසිය පැවසුවේ ඇය එම ප‍්‍රදේශයේ පෞද්ගලික රෝහලකට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බවයි. ඇය මන්නාරම ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් වනවා.  

මේ අතර කොළඹ කොටුව ශාන්ත පීතර දේවස්ථානය අනවසරයෙන් ඡුායාරූප ගත කල මුස්ලිම් ජාතිකයෙක් ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

0
Would love your thoughts, please comment.x
()
x