වෛද්‍ය වර්ජනයට ප්‍රතිචාර තවම නැහැ…

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනය සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කළද මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණය කරනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කැදවා තිබූ මාධ්‍යහමුවකට එක්වෙමින් වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා කියා සිටියේ මෙම ගැටලුවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත්වී නිසි විසදුමක් ලබා දිය යුතු බවයි.පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීමේදී සෞඛ්‍ය ලේකම්වරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් පවා ඒ සම්බන්ධයෙන් කලකිරී ඇති බවද වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා මෙහිදී සදහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ මේ කලකිරීම් දිගින් දිගටම පැවතුනහොත් බොහෝ විශේෂඥ වෛද්‍යවරුන් විදේශයන්හී ම රැදී සිටින්නට ඉඩ තිබෙන බවයි.එසේ වීමෙන් පාඩු වන්නේ ජනතාවට මිසක් දේශපාලකයන්ට නොවන බව ඔහු අවධාරනයෙන් කියා සිටියා.එමෙන්ම මෙම වෘතීය සමිති ක්‍රියා මාර්ගයට ජනතා සහය ද හෙතෙම මෙහිදී ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්