වෛරසය නිසා ඇතිවන අර්බුධය ලෝක යුද්ධයක් බවට පත්වීමේ අවධානමක්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිව තිබෙන ගෝලීය අවිනිශ්චිතතාව සහ ආර්ථික අර්බුධයන් හේතුවෙන් ඉදිරියේදී ලෝක යුද්ධයක් පවා ඇතිවීමේ අවධානමක් පවතින බව බ්‍රිතාන්‍යයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි නික් කාටර් අනතුරු අඟවා සිටිනවා.

සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් බ්‍රිතාන්‍යය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ප්‍රකාශ කර සිටියේ කලාපීය මතභේද උත්සන්න වීම සහ ඔවුනොවුන් අතර විනිශ්චයේ දෝෂයන් අවසානයේදී පුළුල් ගැටුමකට තුඩුදිය හැකි බවයි.

”අප ජිවත්වන ලෝකය ඉතා අවිනිශ්චිත හා කණසල්ලට පත්ව ඇති මොහොතක. ගෝලීය තරගාකාරිත්වය අප සියලු දෙනාගේ ජිවිතවල අංගයක් බවට පත්වෙලා. මේ වන විට පවතින කලාපීය ගැටුම් ඉදිරියේදී කුමන මොහොතක හෝ ත්‍රිව වීමේ හැකියාවක් තිබෙනවා.

මෙය ලෝක යුද්ධයක් බවට පත්වීමේ අවදානමක් ඇත්ද යන්න ගැන විමසු පැණයට බ්‍රිතාන්‍යයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි නික් කාටර් පිළිතුරු දෙමින් කියා සිටියේ ‘ එය අවදානමක්, එවැනි අවදානම් පිලිබඳව අප දැනුවත්විය යුතූ බවයි.’

විශාල අවදානම නම් මිනිසුන් සිතනවා යුද්ධයකට යෑම සාධාරණ දෙයක් කියලා. නමුත් යුද්ධයේ භිෂණය ගැන ඔබ අමතක නොකළ යුතුයි.

පසුගිය සියවස දෙක දෙස නැවත හැරී බැලුවහොත් වැරදි අර්ථකථනයන් හේතුවෙන් ලෝක යුද්ධ දෙකක් ඇතිවීම ගැන පැහැදිලිව පෙනී යන කරුණක්. ඉතිහාසය යලි පුනරාවර්ථතනය වීමට ඉඩ නොතැබීම වඩාත් වැදගත්” බ්‍රිතාන්‍යයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි නික් කාටර් සඳහන් කර සිටිනවා.

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

සතියේ ජනප්‍රියම පුවත්

කොවිඩ් ආසාදිත මව සහ පුතු IDH රෝහලෙන් පැන යයි

කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවක් සහ ඇයගේ දරුවා කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රීයේ පළා ගොස් ඇති බව වාර්තා වනවා.මෙම කාන්තාව සහ...

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා රෝගීන් කොළඹින්

ඊයේ දිනයේදී වාර්තා වු කොරෝනා ආසාදිතයින් 435 දෙනාගෙන් 160 දෙනෙකු වාර්තා වී ඇත්තේ  කොළඹ දිස්ති‍්‍රක්කයෙන් බව කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසනවා....

ප‍්‍රබල සුළි කුණාටුවක් ශ‍්‍රී ලංකාව දෙසට

නිවාර් නම් ප‍්‍රබල සුළි කුණාටුව ශ‍්‍රී ලංකාව දෙසට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද උදෑසන 10.30 වනවිට එය කන්කසන්තුරය වෙරළට කිලෝ මීටර්...

කොවිඩ් රෝගීන් වාර්තා වීමත් සමග අටළුගම හුදෙකලා කරයි

බණ්ඩාරගම, අටළුගම ගම්මානය හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.අටළුගම ගම්මානයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ...

බස්නාහිර කොරෝනා අවධානම වැඩී

කොවිඩ් 19 වෛරසයේ ආසාදිත පොකුරු බස්නාහිර පළාතේ පැතිර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවල ජනතාවද සෞඛ්‍ය...

අපගේ නවතම පුවත්

පාසල් ගුරුවරයෙක් කේරළ ගංජා සමඟ මාට්ටු

මන්නාරම ප්‍රදේශයේ විද්‍යාලයක ගුරුවරයෙකු කේරළ ගංජා ළඟ තබා ගැනීම හේතුවෙන් අද (26) අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම් පොලිසිය පවසයි.අදාළ විද්‍යාලයට ඇතුළු වන දොරටුව ඉදිරියේදී...

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වේ

තවත් කොවිඩ් රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.කොළඹ දෙදෙනෙක් සහ පෑලියගොඩ අයෙක් එසේ මියගොස් ඇත.ඒ අනුව, මෙරටදී මිය ගොස් ඇති...

රිෂාඞ් බදියුදීන් සුපිරි හෝටලයක් තුළ නිරෝධායනයේ

පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඞ් බදියුදීන් නිරෝධායනය සදහා ගල්කිස්ස ප‍්‍රදේශයේ හෝටලයකට යොමු කර තිබෙනවා. ඉකුත් 25 වනදා මන්තී‍්‍රවරයාට ඇප හිමි වුණත් නිරෝධායනයට යොමු කිරීමට වෙනත් ස්ථානයක්...

රජයේ කාර්යාලයක සේවිකාවකට පහර දෙන ලොක්කා (VIDEO)

බස්නාහිර පළාතේ රජයේ කාර්යාලයක සේවය කරනු ලබන නිලධාරිනියකට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා.එම කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් යැයි පැවසෙන...

සිසුවියකගේ ඡායාරූප නිරුවත් කොට ගුරුවරියකට වට්සැප් කරලා

පාසලක උසස් අධ්‍යාපනය හදාරන සිසුවියකගේ ඡායාරූප, නිරුවත් ඡායාරූප වලට යොදා සංස්කරණය කර අධ්‍යාපනය ලබන පාසලේ ගුරුවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ යැවූ තරුණයෙකු දඹුල්ල පොලිසිය අත්...
0
Would love your thoughts, please comment.x
()
x