ශ්‍රී ලංකා කණ්ඩායම කොවිඩ් අවදානමක

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකු සහ කළමනාකරණ නිලධාරීන් සිව් දෙනෙකුට කෝවිඩ් -19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.මේ අනුව පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් දින තරඟ මාලාවකට එක්වූ සමස්ත එංගලන්ත කණ්ඩායම නිරෝධායනය කිරීමටයි තීරණය වී ඇත්තේ.

එංගලන්ත කණ්ඩායම, ශ්‍රී ලංකා තරඟ සංචාරයෙන් අනතුරුව පාකිස්ථානය සමඟ එක්දින තරඟාවලියකට එක්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ, එම තරඟාවලිය සැලසුම් කළ ආකාරයට ක්‍රියාත්මක කරන බවයි.

කොවිඩ් 19 ආසාදනය වූ ක්‍රීඩකයින් සහ කළමනාකරුවන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය නීති-රීති රෙගුලාසි වලට අනුකූලව නිරෝධායනය කෙරෙන බවයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ.

කෙසේ වෙතත් මේ දිනවල එංගලන්තයේ ක්‍රියාත්මක වන ලීග් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් ජාතික සංචිතයෙන් ඉවත්ව ලීග් තරගාවලිය සඳහා එක්ව තිබෙනවා.

කෙසේ වෙතත් පාකිස්ථානය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා බෙන් ස්ටෝක්ගේ නායකත්වයෙන් යුතුව එංගලන්ත කණ්ඩායම තරඟ වදිනු ඇති.මේ අතර එංගලන්තය සමඟ එක්දින තරග තුනකින් සහ පන්දුවාර විස්ස තරග තුනකින් සමන්විත අතිශය අසාර්ථක තරග සංචාරයක් නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම් දිවයිනට පැමිණියේ අද දිනයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඉන්දීය කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා

සංචාරක ඉන්දීය කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු...

විස්සයි විස්ස දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් ලක්ෂයක්

ඉන්දියාවට එරෙහිව පැවති පන්දුවාර විස්ස තරඟාවලිය ජයග්‍රහණය කිරීම හේතුවෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා ඇමරිකානු...

ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට යයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට අවශ්‍ය බව පවසමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක...

දෙවන T20 තරඟයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී...

කුසල්, නිරෝෂන් සහ ධනුෂ්කට දඬුවම් නියම කෙරේ

විනය කඩ කිරීමේ චෝදනාවට ලක්වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට වසරක කාලයක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x