28 C
Colombo
Sunday, September 19, 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව වාර්තා වනවා.
මෙලෙස කොරෝනා ආසාදනයවී ඇත්තේ, මොහොමඩ් ශිරාස් හා නිමේෂ් විමුක්ති  යන ක්‍රීඩකයින් හටයි. ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කිරීමට නියමිත පුහුණු තරගාවලියේ SLC Red කණ්ඩායම නියෝජනය කිරීමටයි සූදානමින් සිටියේ. මෙම ක්‍රීඩකයින් දෙපළ ජෛව බුබුළට එක් කිරීමට පෙර සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයකදී ඔවුන් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලැබුවා. මේ අතර තවත් කණ්ඩායමක සහායකයෙකු හට ද කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව සඳහන්. කෙසේ වෙතත්, තරගාවලිය බාධාවකින් තොරව පැවැත්වීමට හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ. මේ වනවිට අදාළ තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් විශාල පිරිසක් මහනුවර බලා පිටත්ව ගොස් ඇති බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
6
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ, තුෂාන් ගුණවර්ධන මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය...

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද...

ගෑහැනුන්ට තනියෙන් ගෙයින් එළියට යාම තහනම් වෙයි

තලෙයිබාන් පාලනය පෙරළා දමා ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා ඇෆ්ගනිස්තානයේ පාලනය බලය අල්ලාගෙන අවුරුදු...

ඇමති විමලවීරට හූ කියා ගමෙන් පන්නයි.. ‘මට හූ කීවේ මිනිස්සු වෙන්න බෑ’ ඇමති කියයි..

අම්පාර ප්‍රදේශයේ ගොවීන් විසින් වනජීවි ඇමති විමලවීර දිසානායක මහතාට දැඩි විරෝධයක් එල්ල කළේය. අම්පාර රජවැව...

විස්සයි විස්ස තරගාවලිය පාවාදුන් බවට පළවන වාර්තා ගැන ක්‍රිකට් ආයතනය කියු දේ

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති විස්සයි විස්ස තරගාවලිය මෙරට ක්‍රීඩකයින් දෙදෙනෙකු විසින්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x