27 C
Colombo
Sunday, April 11, 2021

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම අද සමත්වුනා. ඒ දකුණු අප්‍රිකාවත් සමග අද පැවති තරගය කඩුලු 8කින් ජය ගනිමින්.

තරගය දකුණු අප්‍රිකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමඟ පැවති අතර තරගයට පළමුවෙන් පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියළුදෙනා දැවී ලකුණු 125 ක් රැස්කළා.
පන්දු යැවීමේදී නුවන් කුලසේකර කඩුළු 5 ක් බිද හෙළුවා.

ලකුණු 126 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම පන්දුවාර 17 පන්දු 2 ක් තුළ කඩුළු 2 ක් පමණක් දැවී ලකුණු 129 ක් ලබා තරගය ජය ගත්තා.

උපුල් තරංග නොදැවී ලකුණු 39 ක් රැස් කළ අතර චින්තක ජයසිංහ නොදැවී ලකුණු 47 ක් රැස්කළා.

ඊට අමතරව සනත් ජයසූරිය සහ ටී එම් ඩිල්ෂාන් ලකුණු 18 බැඟින් ලබාගත්තා.

ඒ අනුව ශ්‍රි ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

අවසන් මහා තරගය ලබන ඉරිදා ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ශ්‍රි ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව මෙන්න

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට වහාම ක්‍රියාත්මක වන පරිදි...

මේ මොහොතේ ලෙජන්ඩ්ස් තරඟය පැවැත්වීම සුදුසු නෑ – ඩිල්ශාන් කියයි

පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ක්‍රිකට් තරඟය...

ශ්‍රී ලංකාවට එන බංගලාදේශ ටෙස්ට් සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වන බංගලාදේශ කණ්ඩායම නම් කර තිබෙනවා.නව ක්‍රීඩකයින්...

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග තරග වදින දවස මෙන්න

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ප්‍රදර්ශන...

IPL සමාරම්භය, මහේලට අමිහිරි ආරම්භයක් වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී වත්මන් ශූරයින් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අමහිර...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x