ශ්‍රී ලංකා පිලට පළමු වරට ජාත්‍යන්තර පිටියේදී මුණ ගැසෙන කණ්ඩායම

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර පිටියේදී ඕමාන කණ්ඩායම මුණගැසෙන පළමු අවස්ථාව මෙයයි.

මෙලෙස ඕමානය සමග ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කෙරුණේ එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරමුණ කර ගෙනයි. ඒ අනුව මෙම කණ්ඩායම් දෙකම ලෝක කුසලානයට පෙර සහභාගිවන අවසන් තරගාවලිය මෙය වනවා.

මෙම තරගාවලියට තරග 2 ක් ඇතුළත්. පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4 ට ආරම්භවීමට නියමිතයි. දෙවන තරගය ලබන 9 වනදා පැවැත්වෙනවා.

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානයේ සත්කාරකත්වයෙන්. මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට මෙන්ම ඕමානයටද තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයකට ක්‍රීඩා කිරීමට සිදුව තිබෙනවා. කෙසේවෙතත් මෙම කණ්ඩායම් දෙක කාණ්ඩ දෙකක් යටතේ සුදුසුකම් ලබාගැනීමේ වටයේදී තරග වදිනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අන්තරේ කැදවුම්කරු බොරුකාරයෙක් බව පවසමින් තලංගම OIC උසාවියට හෙළි කළ දේ

නීතිවිරෝධී ජනරාශියක් ලෙස රැස්වෙමින් පාර්ලිමේන්තුව ඉදිරිපිටදී පොදු දේපලවලට හානිකිරීමේ වරද යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත...

ඔළුව පාත් කරන කාලෙ ගියා.. ජනාධිපති එය දැනගත යුතුයි අගරදගුරුතුමාගෙන් ජනපතිට රතු එළියක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීම හේතුවෙන් අපවිත්‍ර වූ සරුක්කුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රමාදය ගැන...

පළාත් සංචරණ සීමා ගැන තීරණයක්

කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා තිබෙන පළාත් අතර සංචරණ සිමා යලි දීර්ඝ කිරීමට තීරණය කර...

කොවිඩ් මරණ 19ක්

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ...

තෙල් මිල වැඩි කරන්න කලින් ජනතාවට කියපු එකම ඇමති මම – ඇමති ගම්මන්පිල

තෙල් හිඟයක් ඇතිවන බවට විපක්ෂය සහ විපක්ෂය විසින් නටවන වෘත්තීය සමිතිත් ගෙන යන ප්‍රචාරය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x