ලබන ඔක්තෝබර් දී ආරම්භ වීමට නියමිතව තිබූ ශ්රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්රිකට් තරගාවලිය කල් දමා තිබෙනවා.
බංග්ලාදේශ ක්රිකට් ආයතනය ශ්රී ලංකා ක්රිකට් ආයතනයට දන්වා ඇත්තේ තරඟ කාලසටහන යළි සංශෝදනය කරන ලෙසයි.
එරට ක්රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් සදහන් කර ඇත්තේ දින 14ක කාලයක් නිරෝධායනය සිදු කරමින් තරඟ සංචාරයක නිරත වීම සිදු කළ නොහැකි බවයි.
තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණේ එළඹෙන ඔක්තෝබර් 24 වනදායි.
මීට පෙර එම තරගාවලිය ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමුණා.
ඊයේ බංග්ලාදේශ ක්රීඩකයින් ශ්රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ නමුත් පසුව අදාළ ගුවන් ගමන අවලංගු කිරීමට එරට ක්රිකට් ආයතනය තීරණය කළා.
එමෙන්ම ක්රීඩකයින් මෙතෙක් රැදී සිටි ජෛව ආරක්ෂිත පරිසරයෙන් ද ඔවුන්ව මුදා හැරීමටයි එරට ක්රිකට් බළධාරීන් කටයුතු කළේ.
ක්රීඩකයින්ගේ මානසිකත්වය පිළිබද සලකා බලා එලෙස ඔවුන්ට සිය නිවෙස් වෙත යාමට අවසර ලබා දී තිබූ බව සදහන්.
ශ්රී ලංකා සංචාරයට එක්වීමට නියමිතව සිටි ක්රීඩකයින් පසුගිය 21 වනදා සිට එලෙස ජෛව ආරක්ෂිත පරිසරයක (බාහිර සමාජයෙන් වෙන් කර) රදවා සිටියා.