ශානි සහ සුගත් මුදාහරින්නැයි නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් ගම්පහ මහාධිකරණය හමුවේ ඇප කොන්දේසි සම්පූර්ණ කර තිබේ. 

ඊයේ (16) දිනයේ අභියාචනාධිකරණය ඔවුන්ට නියම කළ ඇප කොන්දේසි අද දිනයේ එලෙස සම්පූර්ණ කළ බව ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. 

ඒ අනුව ශානි අබේසේකර මහතා මුදා හරින ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාටත්, සුගත් මෙන්ඩිස් මහතා මුදාහරින ලෙස මහර බන්ධනාගාර අධිකාරීවරයාටත් ගම්පහ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ. 

අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ රත්නප්‍රිය ගුරුසිංහ යන මහත්වරුන් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුට රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙස නියෝග කර තිබුණි. 

එම මුදල් සහ ශරීර ඇපවලට අමතරව සැකකරුවන් දෙදෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර ගම්පහ මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් වේ. 

ඒ අනුව අද දිනයේ ශානි අබේසේකර මහතාගේ ඇපකරුවන් ලෙස ඒ මහතාගේ සොහොයුරන් දෙදෙනෙක් සහ සුගත් මෙන්ඩිස් මහතාගේ ඇපකරුවන් ලෙස ඒ මහතාගේ බිරිඳ සහ පුත්‍රයා ඇප කොන්දේසි සපුරාලීමට කටයුතු කර තිබේ. 

අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමඟ යැවීමේ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලීසියට අනියුක්තව සේවය කළ සුගත් මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනා මාස 10 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රන්ජන් හිටපු මන්ත්‍රී නිවස යළිත් රන්ජන්ට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස රන්ජන්ට හිමිව තිබූ නිවස ඔහුගේ මන්ත්‍රීධුරය අහිමිවීමෙන් පසුව වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට...

දැදුරු ඔයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙක් මියයයි

කොබෙයිගනේ ,ඇඹලයාගම ප්‍රදේශයේ දී  දැදුරුඔයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු  25 දා සවස දියේ...

පාසල් විවෘත කිරීම ගැන බලාපොරොත්තුවක්

අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මස මුල සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත්ව යම් සැලැස්මකට අනුව...

ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර, රත්නපුරෙන් මතු වෙයි

ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර ලෙස සැලකිය හැකි මැණික් පොකුරක් රත්නපුර ප්‍රදේශයෙන් සොයා...

අයිස් සමඟ ‘සෝබා’ අල්ලයි

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (26) සිදුකළ මෙහෙයුමකදී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 41ක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x