සංචරණ සීමා ඉවත් වෙයි? එලඹෙන 24 වනදා සිට විවෘත වන ස්ථාන මෙන්න

රටේ ආදායම නැති වුවහොත් ණය ගෙවීම කළ නොහැකි – ඇමති අජිත් නිවාඩ් කබ්රාල් රට අගුලු දැමීම කෙටිකර ගැනීමට සියලු දෙනා එකාවන්ව කටයුතු කළ යුතු යැයි මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

රටේ ජනතාවගේ ජීවිත මෙන්ම ජනතාවගේ ජීවනෝපායද රජයකට එකසේ වැදගත් බව හෙතෙම සඳහන් කළේය.

අඟුලු දැමීම කෙටිකර නොගතහොත් රටට ඉදිරියට ගමන් කිරීමට නොහැකිවනු ඇතැයි පැවසූ මුදල් රාජ්‍ය ඇමතිවරයා සාර්ව ආර්ථික සාධකවලට මෙන්ම පුද්ගලයන්ගේ ජන ජීවිතවලටද රට අගුළු දැමීමෙන් වන පාඩුව සුළුපටු නැතැයි සඳහන් කළේය.

රටේ ආදායම නැති වුවහොත් ණය ගෙවීම කළ නොහැකි වනු ඇතැයිද අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.

පවතින මේ කොරෝනා වසංගත තත්ත්වය උපයෝගී කරගෙන සමහරුන් දේශපාලන වාසි ගැනීමට උත්සාහ දැරීම හෙළා දකින බව මුදල් රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.

ඔහු මෙසේ පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන එලඹෙන 24 සහ 25 යන දෙදින විවෘතව තැබීමට තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේ තොග වෙළෙඳාම් සඳහා පමණක් එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතිනු ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
118
11.svg?v=2.6
අවුල් වගේ !
39
22.svg?v=2.6
හරි හිනා !
277
3.svg?v=2.6
හම්මෝ !
16
31.svg?v=2.6
මාර දුකයි !
37
27.svg?v=2.6
මලපනිනව !
209
30.svg?v=2.6
කුජීතයි !
119
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මිස්ටර් ශ්‍රී ලංකා කොරෝ නාවෙන් සමුගනී

"මිස්ටර් ශ්‍රී ලංකා - බෙස්ට් මොඩල් ඔෆ් ද වර්ල්ඩ්" තරගාවලියේ 2004 වසරේ පිරිමි අංශයේ...

හිටපු නාවික හමුදාපතිට එරෙහි නඩුව ගැන නීතිපති කළ දැනුම් දීම

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති නඩු කටයුතු...

ස්වර්ණමහල් ෆයිනෑන්ස් ගැන මහ බැංකුවෙන් දුන් නියෝගය

මාස හයක සීමිත කාල සීමාවක් සඳහා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ...

සීනි හිඟයක් ගැන අනතුරු අඟවයි

පාලන මිල ඉක්මවා වෙළෙඳුන් සීනි අලෙවි කරන බවට ජනතාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි...

ඔෆිස් එකේදී දුන්නු හාදුවක් වට්ස්ඇප් එකේ ලීක් වෙලා, කොරෝනා අස්සෙ පුද්ගලයෙකුට සිද්ධ වෙච්ච අකරතැබ්බය

කාර්යාලයීය සහෝදර සේවිකාවට උපන් දිනය දා දුන් හාදුවෙන් සිය බිරිය සිය භාරයට ගැනීමට සතියක්...
7
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x