29 C
Colombo
Monday, June 21, 2021
logo

සංචරණ සීමා දීර්ඝ වෙනවා ද ? හමුදාපතිගෙන් පැහැදිළි කිරීමක්

අද දිනය තුල තහවුරු කර ගත් කොවිඩ් මරණ 101ක් වාර්තාවීම හේතුවෙන් 14 වන දින රට විවෘත කිරීමට ගෙන තිබූ තීරණය 21 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවට යුද හමුදාපතිවරයා පැවසූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කෙටි පණිවුඩය ව්‍යාජ එකක් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියාසිටියේ එහි කිසිදු සත්‍යතාවත් නොමැති බවයි.

මේ අතර සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ 14 වන දින දැනට පවතින සංචරණ සීමා ලිහිල් කෙරුණ ද එය සිදුවන්නේ දැඩි කොන්දේසි මත බවයි.

ඒ අනුව පළාත් අතර ගමනාගමනය තවදුරටත් සීමා කෙරෙන අතර කාර්යාලවලට සේවක සේවිකාවන් කැඳවීමේ සීමාවන් ද තවදුරටත් එලෙසම පවතින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේ.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවස්ථාව පවතින බව ඔහු සඳහන් කළා. ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධන බලකාය හෙට දින රැස්වී සාකච්ඡා කිරීමට නියමිත අතර එහිදී පවතින තත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඉදිරි තීරණ ගන්නා බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩිදුරටත් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
3
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
3
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
9
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
8
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
4
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ජංගම වෙළෙඳ රථවලට අනතුරු ඇඟවීමක් – තහනමට ලක්විය හැකියි

ජංගම වෙළෙඳ රථවලින් අධික මිලට එළවළු හා පලතුරු විකුණන බවට හෙළි වුවහොත් බලපත්‍ර තහනම්...

හෙද කාර්ය මණ්ඩල දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් දිවයිනේ සියලු රෝහල්වල හෙද කාර්ය මණ්ඩල මෙම සතිය තුළදී...

කොරෝනා එන්නත ගන්න අයට ආණ්ඩුවෙන් දෙන තෑග්ග

ලොව පුරා කොරෝනා මරණ මිලියන හතර ඉක්මවා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඉන් මරණ...

උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ මෑණියන්ටත් කොරෝනා

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ මෑණියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.තම සමාජ ජාල ගිණුමේ සටහනක්...

නැගෙනහිර වෙරළට කිලෝමීටර් 300ක් දුරින් භූ චලනයක්

ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ආසන්න වශයෙන් කිලෝමීටර් 300ක් පමණ දුරකින් ගැඹුරු මුහුදේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x