30 C
Colombo
Friday, September 17, 2021

සංචරණ සීමා ලිහිල් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් – විශේෂඥ වෛද්‍යවරු

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්තවීමත් සමග මෙරට රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමුවන බවත් ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ඉතා දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙවැනි තත්ත්වයක් යටතේ සංචරණ සීමා වැනි කරුණු ලිහිල් කිරීම “ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්” වැනි බවය.

මෙම තත්ත්වය තවදුරටත් වර්ධනයවීම ඉතා දැඩි අනතුරුදායක තත්ත්වයක් බවද ඔවුන් සඳහන් කරයි.

ඒ අනුව තීරණ ගැනීමේදී බලධාරීන් හට මෙම සත්‍ය තත්ත්වය පැහැදිලි කරදීමට අවශ්‍ය තොරතුරු සෞඛ්‍ය අංශයේ නිලධාරීන් විසින් සැඟවීම සහ ඔවුන්ගේ ඇල්මැරුණු ස්වභාවය ගැන සිය සංගමය දැඩි ලෙස කනගාටු වන බවද පෙන්වා දී තිබේ.

ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් වර්ධනය වුවහොත් තවදින කිහිපයකින් අපගේ ප්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාවය ද ඉක්මවා යන හෙයින් එම තත්ත්වය මරණ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩිවීමටද හේතුවක් වනුඇති බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

රට තුළ සංචරණ සීමා ලිහිල් කිරීම කළයුතුව තිබුණේ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල තුළින් බලාපොරොත්තු වන සංඛ්‍යානමය ඉලක්ක පසුරා ගැනීම මෙන්ම එයට සමාන්තරව දෛනික රෝගීන් ප්‍රමාණය අඩුවන තත්ත්වයක් පෙන්නුම් කරන විටදී බවද එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

ඒ අනුව සියලු කාරණා අධ්‍යයනය කිරීමෙන් පසු දැනට පවතින තත්ත්වය ගැන නැවත සමාලෝචනයක් කර සෞඛ්‍යමය හා සංචරණ සීමා සංශෝධනයන් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
4
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

නව මහ බැංකු අධිපති ජනපති අතින් පත්වීම් ලබයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් මහතා...

මිල වැඩි කළත් ලාෆ්ස් ගෑස් හිඟවීමට හේතුව හෙළිවේ

යළි ගෑස් මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් පවතින බව ලාෆ් ගෑස් සමාගම පවසනවා. පසුගියදා ගෑස් මිල...

චන්ද්‍රිකා ලියුමක් යවා ගෝඨාගෙන් ඉල්ලූ දේ

රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය...

අද වාර්තා වු කොවිඩ් මරණ ගණන

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ (11) දිනයේ දී තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත...

පාවිච්චි කළ වාහනවල දැන් මිල ගණන් මෙන්න

වාහන ආනයනය නතර කර දැමීමට රජය තීරණය කිරීම සමඟ පාවිච්චි කළ වාහනවල මිල ගණන්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x