සති අන්තය ලොක්ඩවුන්ද? තීරණය යුද හමුදාපති කියයි

සති අන්තයේ සංචරණ සීමා පැනවීමේ සූදානමක් පවතිනවාද යන්න මේවන විට කතාබහට ලක්ව තිබෙනවා.

ඒ පිලිබඳ අදහස් දක්වමින් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූවේ සති අන්තයේ දිගු නිවාඩුවක් යෙදී තිබුණත් සංචරණ සීමා පැනවීමට තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වුවද පළාත් අතර සංචාර සීමා දිගටම ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළා.

රටපුරා කොවිඩ් ආසාදිතයන් විසිදාහක් පමණ ප්‍රතිකාර ලබන සහ ආසාදිතයන් දිනකට 1500කට අඩු සංඛ්‍යාවක් වාර්තා වෙමින් තිබෙන තත්වයක් යටතේ ඉතා කල්පනාකාරීව කටයුතු කරන්නැයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අවදානමක්!

එසේ කටයුතු නොකළහොත් අවදානමක් මතුවිය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

රට පුරා දැනට හුදෙකලා කර ඇත්තේ සීමිත ප්‍රදේශ සංඛ්‍යාවක් පමණක් බවත් එන්නත්කරණ වැඩපිළිවෙලද රට පුරා සාර්ථකව ක්‍රියාත්මකවෙමින් පවතින බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

කොවිඩ් වැළඳී මිය ගිය පිරිසෙන් වැඩි දෙනෙකු එන්නත ලබා නොගත් අය බවද ඔහු පැවසූවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
14
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
5
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
12
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
4
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
16
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
20
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
22
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අනියම් පෙම්වතා සමඟ එක්ව සිය කුසින් උපන් දරුවාට වධහිංසා ලක් කළ පාපතර මව

මාස 6ක් වයසැති බිළිඳෙකු සිය මව හා ඇගේ අනියම් පෙම්වතා විසින් පුළුස්සා හිංසනයට ලක්කිරීමේ...

සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

2021 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය සඳහා දිනයන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර...

ඔන්ලයින් අධ්‍යාපන ලබාදීමෙන් ඉවත් වූ අලුත්ම පිරිස

මෙරට දැඩි කතාබහකට ලක්ව තිබෙන කොතලාවල පනත් කෙටුම්පත සඳහා මේ වන විට රටපුරා විරෝධතා...

ගුරුවරුන් කාලකණ්නි කියන්නේ මූසලයන්

යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් බත්තරමුල්ලේ දී විශේෂ මාධ්‍ය හමුවක් හිටපු පැවැත්වූ අතර ඒ...

රටේම ජනතාව මරණය අභියස.. කොරෝනා වේගයෙන් පැතිරෙනවා

කොරෝනා වෛරසය රට පුරා බිම් මට්ටමින් වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x