28 C
Colombo
Friday, September 17, 2021

සති හතරකට රට වහන්න: සෞඛ්‍ය අංශ ඉල්ලයි

ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් සති හතරකටවත් රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැයි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට පැමිණෙමින් තිබෙන බැවින්, මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය බවද ඔවුන් රජයට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

කොවිඩ් ආසාදිතයින් තුන් දහසකට ආසන්න පිරිසක් දෛනිකව වාර්තා වෙමින් තිබෙන අතර,දෛනික මරණ සංඛ්‍යාවද සීයකට ආසන්න වෙමින් තිබේ .

ඉකුත් දින 13 ක කාලය තුළ පමණක් කොරෝනා මරණ දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

මේ අතර, බොහෝ රෝහල්වල මෘත ශරීරාගාර ද කොවිඩ් මෘතදේහ වලින් පිරී ගොස් ඇති අතර, රෝහල්වල වාට්ටු ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතී .

මේ තත්වය තුළ රෝහල් ධාරිතාවට දරාගත නොහැකි මට්ටමට රෝගීන් වාර්තා වෙමින් තිබෙන බැවින්, රෝගීන් වාර්තා වීම අවම කර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග වලට යාම අත්‍යවශ්‍ය බව ද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
43
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
6
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
10
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
6
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
176
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
9
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
8
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

මාව ගාවපු පුවත නිවැරදි නොකලොත් නඩු යනවා – පුෂ්පිකාගෙන් දිලිත්ට ලියුමක්

දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවිර මහතා වෙත ලිපියක් යොමු කරමින් ඇය පවසා සිටින්නේ...

ඇමති බන්දුලගෙන් අලුත් බදු යෝජනාවක්

කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂයකට...

කොවිඩ් වැලදී හොද වුනාම හැදෙන තවත් රෝගයක්

කොවිඩ් වැළඳී සුවවන ඇතැමුන්ට මානසික ආතතිය ඇතිවන බව අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ මනෝ වෛද්‍ය...

වැලිකඩ බන්ධනාගාරය අසල ඔත්තු බැලූ අයෙකුට සිදු වු දේ

අද (13) පෙරවරු කාලයේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ආසන්නයේ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන...

කොරෝනා පරද්දන්න උපායක්

රට තුළ දැඩි සීමා පනවා තිබියදීත් , SARS - cov - 2 , ඩෙටා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x