සනත් ජයසුන්දරට සත් වසරක ක්‍රිකට් තහනමක්

2021.07.06 වන එනම් අද දින අප වෙබ් අඩවියේ පලකල සනත් ජයසුන්දරට සත් වසරක ක්‍රිකට් තහනමක් යන පුවතෙහි ජායාරූපය අප හට සිදු වු වැරදීමකින් හිටපු ප්‍රවීණ ශ්‍රි ලංකා ක්‍රිඩක සනත් ජයසුරිය මහතාගේ ජායාරූපය පලවි තිබුණි. ඒ සම්බන්ධව සනත් ජයසුරිය මහතාට සිදුවු අපහසුතාවය සම්බන්ධව ගොසිප් ලංකා නිව්ස් අප කණගාටුව පලකර සිටිමු. එම පුවත පහතින්..

සනත් ජයසුන්දරට සත් වසරක ක්‍රිකට් තහනමක්

ක්‍රිකට් ආයතනයේ හිටපු දස්කම් විශ්ලේෂක – සනත් ජයසුන්දර හට සියලුම තල වල ක්‍රිකට් තරග වලින්  වසර 7ක තරග තහනමක් පනවා තිබේ.

ක්‍රීඩකයකු කණ්ඩායමට ඇතුළත් කිරිමට තමා වෙත අල්ලසක් ලබාදීමට උත්සාහ කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් කරනු ලැබු ප්‍රකාශයක් මත දස්කම් විශ්ලේෂක 2019දී සනත් ජයසුන්දර සිය ධූරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබුණි.   

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවනු ලැබූ තහනමද එම අත්හිටුවීම ක්‍රියාත්මක වූ 2019 මැයි 11දා සිට බලපැවැත්වේ.

ක්‍රීඩා අමාත්‍යවරයා හට අල්ලසක් ලබාදීමට උත්සාහ කිරීම හා අයි.සී.සී. දූෂණ විරෝධී ඒකකය විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණය පමා කිරීමට හෝ බාධා පැමිණවීමට කටයුතු කිරීම ඔහුට එල්ල වී තිබූ චෝදනා වේ.

මේ සම්බන්ධයෙන් අයි.සී.සී. සාමාන්‍යාධිකාරී – ඇලෙක්ස් මාෂල් පවසා ඇත්තේ අමාත්‍යවරයකුට අල්ලස් දීමට ජයසුන්දර දැරූ උත්සාහය බරපතල වරදක් වන බවත්, කිසිඳු පසුතැවිල්ලකින් තොරව  ඔහුගේ ක්‍රියාවන් වසාගැනීමට දරා ඇති උත්සාහයන් අතිශයෙන්ම කනස්සලුදායක බවත්ය.

“අප ක්‍රීඩාව තුළ දූෂිත ලෙස හැසිරීම අප විසින් නොඉවසන අතර එවැනි හැසිරීම් වැළැක්වීම සඳහා මා කණ්ඩායම දිගින් දිගටම, තදින්ම කටයුතු කරනවා… මේ තහනම, වැරදි පාරේ යාමට පෙළඹිය හැකි ඕනෑම කෙනෙකුට පාඩමක් විය යුතුයි, ” යැයි ඔහු කියා සිටියි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කලකට පසු ලද ජයග්‍රහණය ගැන අවසන් තරගයේ වීරයා කල සංවේදි කතාව (වීඩියෝ)

ඉන්දියාව සමඟ පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් එක්දින තරගය ජය ගන්නට ශ්‍රී...

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලැබුණු ඉලක්කය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලියේ පළමු තරඟයේ කාසියේ...

දෙවන T20 තරඟයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී...

ඇස් පියන් නොහෙලා බලා සිටි විස්සයි විස්ස පළමු තරඟයේ ජය පරාජය විසඳුණු හැටි

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 38 කින් ජයගැනීමට...

කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කරයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය කොළඹ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x