සඳුදාට ඇඳිරි නීතිය ඉවත් කෙරෙන බවට ඉඟියක්

ලබන සඳුදායින් පසුව නිරෝධායන ඇඳිරි නීතිය යොදවා රට වසා තැබීමට කිසිදු අදහසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නොමැති බවත් රටේ බහුතර ජනතාව අත්විදින ගැටළු ගැන අවධානය යොමු කොට සියලු පුරවැසියන් සෞඛ්‍යාරක්ෂිතව කොවිඩ් ආසාදිතයෙක් නොවී කටයුතු කිරිමට පියවර ගත යුතු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිතුමා විසින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බවත් ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීම මගීන් මෙම වෛරසය පාලනය කිරීමට හැකිබව හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

දැනට පවතින තත්ත්වය මත ලබන සඳුදා උදෑසන 5.00 පසුව බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කිරිමට බලාපොරොත්තුවන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

රට ඉදිරියට රැගෙන යාමට සහ ආර්ථිකය නගා සිටුවිම අත්‍යාවශ්‍ය බවත් දෛනික වැටුපක් මත ජිවත්වන ජනතාවට සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙන බවට යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම රට විවෘත කිරිමෙන් පසුව මහජනතාව කොවිඩ් ආසාදිතයෙක් නොවීමටත්, වෛරසය පතුරුවන පුද්ගලයෙකු නොවීමේ වගකීම ඇති බව පැවසූ යුද හමුදාපතිවරයා සෞඛ්‍ය අංශ විසින් ලබාදී තිබෙන උපදෙස් නිසි පරිදි පිළිපැදීම මගින් වෛරසයෙන් බේරී සිටිමට හැකිබව පෙන්වා දුන්නා.

එමෙන්ම නිරෝධායන ක්‍රියාවලියට යොමු කරවන පුද්ගලයින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කිරීම බවද මෙහිදී හමුදාපතිවරයා පෙන්වා දුන්නා.

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

සතියේ ජනප්‍රියම පුවත්

20 ට එරෙහිව සමගි ජන බලවේගය පෙත්සමක් ගොනු කරයි

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය විසින් විරෝධතා පෙත්සමක් ගොනු කර තිබෙනවා. සමගි ජනබල වේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී...

ප‍්‍රබල සුළි කුණාටුවක් ශ‍්‍රී ලංකාව දෙසට

නිවාර් නම් ප‍්‍රබල සුළි කුණාටුව ශ‍්‍රී ලංකාව දෙසට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද උදෑසන 10.30 වනවිට එය කන්කසන්තුරය වෙරළට කිලෝ මීටර්...

නවසීලන්තයට ගිය පාකිස්ථාන ක්‍රීඩකයින් 6කට කොරෝනා

තරග සංචාරයක් සදහා නවසීලන්තයට ගිය පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 6දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.එම ආසාදිත ක්‍රීඩකයින් 6දෙනාම නිරෝධායනය සදහා යොමු...

මරණ 08ක් සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 107ක් දක්වා ඉහළට

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ දිනයේදී කොවිඩ් මරණ 08ක් සමගින් වාර්තා වීමත් සමගයි.අද දින වාර්තා වූ අතර කොළඹ...

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා රෝගීන් කොළඹින්

ඊයේ දිනයේදී වාර්තා වු කොරෝනා ආසාදිතයින් 435 දෙනාගෙන් 160 දෙනෙකු වාර්තා වී ඇත්තේ  කොළඹ දිස්ති‍්‍රක්කයෙන් බව කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසනවා....

අපගේ නවතම පුවත්

දෙවන රැල්ලේ කොරෝනා මරණ 94ක්

මෙරට ව්‍යාපත් වෙමින් පවතින දෙවන කොරෝනා රැල්ලෙන් මේ වන විට කොවිඩ් ආසාදිත මරණ 94ක් වාර්තා වී ඇති බව කොවිඩ් -1 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

සම්පත් බැංකුව සිය පාර්ශ්වකරුවන් රැකබලා ගනිමින් තම මූල්‍ය කාර්යසාධනය නැවත බලගන්වයි

COVID-19 වසංගතය හමුවේ, ඇතැම් කර්මාන්ත මුළුමනින්ම අකර්මන්‍ය වී ඇති අතර එමගින් ලෝක ආර්ථිකයෙහි සැලකිය යුතු මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කර ඇත. එබැවින් මේ වසරේ මුල්...

අෆ්රිඩිගේ ගාලූ පිලට එරෙහිව අවිශ්කගෙන් සුපිරි ඉනිමක්

අවිශ්ක ප‍්‍රනාන්දුගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ රාති‍්‍රයේ පැවති ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම එරෙහි තරගයෙන් කඩුලූ 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට...

වසා දැමු මහනුවර නගරයේ පාසැල් විවෘත කිරිම කල් යයි

කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මහනුවර නගර සභා සිමාවේ වසා දැමු පාසැල් තවත් සතියක කාලයක් සඳහා වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්...

මරණ 08ක් සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 107ක් දක්වා ඉහළට

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ දිනයේදී කොවිඩ් මරණ 08ක් සමගින් වාර්තා වීමත් සමගයි.අද දින වාර්තා වූ අතර කොළඹ...
0
Would love your thoughts, please comment.x
()
x