25 C
Colombo
Friday, May 14, 2021

සමස්ත රටම වසා දමනවද ? අගමැති පැහැදිලි කරයි

පසුගිය සති කිහිපය තුල කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාත්මකව වැඩි වුව ද රටේ ආර්ථික හා සමාජයීය බලපෑම සලකා කිසිදු විටෙක සමස්ත රටම අගුලු නොදැමීමට රජයක් ලෙස තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පල කලේ අද සවස චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් සමග පැවති හමුවේදීයි.

එහිදී ශ්‍රී ලංකා අග්‍රමාත්‍යවරයා කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ චීනය ශ්‍රී ලංකාවට ආධාර උපකාර කිරීමට ඉදිරිපත් වීම පිළිබඳව ස්තූතිය ද පළකළා.

චීන ආරක්ෂක අමාත්‍යවරයා සමග වැඩිදුරටත් අදහස් හුමවාරු කර ගත් අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අවදානය යොමුවී ඇත්තේ පවතින වසංගත තත්වය යටතේ වුව ද ලොව පුරා සිටින ආයෝජකයින්ගේ ආකර්ෂණය ශ්‍රී ලංකාව කෙරෙහි යොමුකර ගැනීම බවයි.

එම ආකර්ෂණය සහ විශ්වාසය ශ්‍රී ලංකාව කෙරෙහි ගොඩනැගීම සඳහා චීන රජයේ සහයෝගය උදක්ම බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා මෙරට නිල සංචාරයක යෙදෙන චීන ආරක්ෂක අමාත්‍යවරයා හමුවේ අවධාරණය කළා.

එමෙන්ම ලොවම සසල කළ කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ වුව ද ඉහළ පෙලේ චීන දූත පිරිස් අවස්ථා ගණනාවකදී සංචාරය සඳහා මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයාගේ ස්තූතිය ප්‍රකාශ කෙරුණා.

අදාළ හමුවේදී මෙම වසරට යෙදෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරයට සුභාෂිංශන පිරිනැමීමටත් අග්‍රාමාත්‍යවරයා අමතක කළේ නැහැ. ලොවම ආක්‍රමණය කර ඇති මෙම බරපතල වසංගත තත්වය හමුවේ පැන නගින අභියෝග ජය ගැනීම සඳහා දැනට පවතින සහයෝගීතාව තව තවත් වැඩිදියුණු කර ගැනීමටත් චීන රජය සමග ඉතා සමීපව අඛණ්ඩව කටයුතු කිරීමටත් බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
10
අවුල් වගේ !
15
හරි හිනා !
22
හම්මෝ !
8
මාර දුකයි !
25
කුජීතයි !
48
මලපනිනව !
37
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සංචරණ සීමා සම්බන්ධයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

සම්පූර්ණයෙන්ම සංචරණ සීමා පනවා ඇති තෙදින තුළ හැඳුනුම්පත් ක්‍රමවේදය භාවිත කරමින් ගමන් යාමට කිසිදු...

කොරෝනාවෙන් බේරෙන හොඳම ක්‍රමය ගැන ඔබ දැනුවත්ද?

කොරෝනා වෛරසයෙන් බේරීමට ඇති හොඳම ක්‍රමය වියදම් වැඩි පී.සී.ආර් පරික්ෂණවත් එසේ නැත්තම් රැපිඩ් ටෙස්ට්වත්,...

හරිත සමාජ ආර්ථික රටාවක් උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක්

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා...

රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවයි

යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට...

නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිත කළ යුතුයි – ජනපති

කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් සිදුකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x