සම්පූර්ණ එන්නත ලබාගත්තා නම් මුහුණු ආවාරණ භාවිත කරන්න අවශ්‍ය නැහැ.

මාත්‍රා දෙකකින් යුත් කොරෝනා මර්දන එන්නත සම්පූර්ණයෙන්ම ලබා ගත් අයට මුහුණු ආවාරණ පැළඳීම නතර කළ හැකි බව අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට ජනතාවට මෙය දැනුම්දී තිබෙනවා.

එම මධ්‍යස්ථානයේ ප්‍රකාශයක් උපුටා දක්වමිනුයි, විදෙස් මාධ්‍ය මේ බව කියා සිටියේ.

එමෙන්ම සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ද ඔවුන්ට අවශ්‍ය නොවන බවයි එම මධ්‍යස්ථානය අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා පහසුකම් සපයන පිරිස් හට මෙය අදාළ නොවන බවත් සඳහන්.

එමෙන්ම නිවෙස් නොමැති පිරිස් හටත්, බන්ධනාගාරගතව සිටින අයටත් කිසිසේත් මුහුණු අවාරණ ඉවත් කිරීමට නොහැකි බව ද රෝග පාලන මධ්‍යස්ථානය කියා සිටියා.

තව ද මගී ප්‍රවාහන සේවාවන්හි කටයුතු කරන අය ද අනිවාර්යයෙන්ම මුහුණු ආවාරණ භාවිත කළ යුතු බවයි එම මාධ්‍යස්ථානය අවධාරණය කළේ.

මීට පෙර ඊශ්‍රායලය ද මුහුණු ආවාරණ පැළඳීම අනිවාර්යය නොවන බව නිවේදනය කර තිබුණා.

ඒ්, එරට තුළ කොරෝනා මර්දන එන්නත්කරණය සාර්ථකව සිදු වෙමින් තිබීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

නබි නායක උපන් දිනය අදයි

ඉස්ලාම් ධර්මයේ ශ්‍රාස්තෘවරයා වන මුහම්මද් නබි නායක තුමාණන්ගේ උපත යෙදෙන මීලාද් අන් නබි උත්සවය...

පොලීසියෙන් තරුණයන් දෙදෙනෙක්ට පහර දෙන හැටි

පොලිස් නිළධාරියෙකු විසින් තරුණයන් පිරිසකට පහර දෙන දර්ෂනයක් සමාජ මාධ්‍ය වල සංසරණය වෙනවා. යාපනයේ එරාවුර්...

බිත්තර මිල ඉහළට

වෙළඳපොලේ බිත්තර මිල ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ. මේ වන විට බිත්තරයක මිල රුපියල්...

බංගලියන් පරදා ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබයි

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ  බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන සුපිරි 12 වටයේ...

කිරිපිටි ගැන තවත් තීරණයකට සැරසෙයි

අද (22) දිනයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x