31 C
Colombo
Wednesday, June 23, 2021

BestWeb තරගාවලියේ ඡන්දය දීමේ අවස්ථාව අද ආරම්භ වුනා. පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු මෙන් සමාජ මාධ්‍යයේ පෙනීසිටි අයෙකු අත්අඩංගුවට!

සමාජ මාධ්‍ය හරහා රජයට එරෙහිව අසත්‍ය ප්‍රකාශ පළකර ඇතැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) විසින් ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු මෙන්ම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා වන රජිව් මැතිව්  අත්අඩංගුවට ගෙන තිබේ. 

ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවිය දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි පසුගිය 04 දා  උදැසන මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබු අතර එම පුවත අසත්‍යයයි පවසමින් ජනාධිපති කාර්යාලය විසින් ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැමිණිලි කර තිබිණ.  

ඒ අනුව කරනු ලැබූ කැඳවීමක් මත රජිව් මැතිව් පසුදා නීතිඥයකු සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදී තිබිණ. 

 කෙසේවුවද රජිව් මැතිව්ගේ මව පවසන්නේ, නිවසට පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් තම පුතා අත්අඩංගුවට ගෙන රැගෙන ගිය බවයි.  

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන රජිව් මැතිව්  මෙසේ අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් රජය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භකර ඇති තත්වයක් තුලය.  

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් මහජනතාව මුලා කරවන පිරිස් සොයා විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට භාරදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා තිබිණ.  

එවැනි අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මහජනතාව විවිධ අපහසුතාවයන්ට මුහුණ දෙන බවට පෙනී ගොස් ඇති බවත් එම පුද්ගලයින් සොයන විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇති බවත් ඔහු සදහන් කරයි.  

නීතිඥයකු ද වන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පවසන්නේ, යම් අයෙකු අසත්‍ය පුවත් පළ කරමින් ජනතාව කලබලයට පත් කරන්නේ නම් එය පොලිස් ආඥා පනතේ 98 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
18
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
4
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
23
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
9
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
18
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
9
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සංචරණ සිමා ඉවත් කලත් තවත් සීමාවක් ගැන වෛද්‍ය ප්‍රධානීන්ගෙන් අනාවරණයක්

සංචරණ සීමා ඉදිරියේ දී ඉවත් කළත් රටේ පවතින තත්ත්වය හමුවේ හදවතින් සීමා පනවාගෙන කටයුතු...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙනු ලබන සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති...

ඉන්දීය නව වෛරස් ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනාවරණයක්

ඉන්දියාවෙන් වාර්තාවන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ගෝලීය වශයෙන් ව්‍යාප්තවන ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් ඇතැයි ලෝක...

කොළඹ වරායෙන් පිටත් වූ නෞකාවක ඉන්ධන කාන්දුවක්

කොළඹ වරායෙන් පිටත් වූ නෞකාවක ඉන්ධන කාන්දුවක් හටගෙන තිබෙනවා.මේවන විට මෙම නෞකාව ඉන්දියාවේ හල්දියා...

ගෑස් මිල ගැන තීරණයක්

ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට ඒ පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ අමාත්‍ය අනු...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x