ශ්රී ලංකා විවාහක රූ රැජින තෝරා ගැනීම සඳහා නෙළුම් පොකුණ රඟහලේ දී පැවැති අවසන් තරගයේ දී සිදුවූ සිදුවීමට සමාව ගන්නා ලෙස තමන් ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජුරිට දැනුම් දුන් බවත් මීට ශ්රී ලංකාවෙන් බිහිවූ පළමු ලෝක විවාහක ලෝක රූ රැජන ලෙස තේරී පත් වූ රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.
යම්හෙයකින් ඇය සමාව නොගත්තොත් ලෝක විවාහක රූ රැජින කිරුළ ශ්රී ලංකාවට අහිමි වෙන බව ද ඇය කියා සිටියි.
තමන් මේ සම්බන්ධයෙන් පැයක පමණ කාලයක් කැරොලින් ජූරිට තේරුම් කර දුන් බවද පැවසූ ඇය අදාල සිදුවීම පසුපස සැලසුම් සහගත දෙයක් සිදු වූ බව පැහැදිලි බවද සඳහන් කළාය.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මෙම අදහස් පළ කරන ලදී.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
152
20
46
35
24
69
54