28 C
Colombo
Monday, September 20, 2021

සමීප මිතුරිය දැලිපිහියෙන් මන්ත්‍රීගේ නහය කපයි

දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කාන්තාවක් විසින් දැලි පිහියකින් කළ පහරදීමක් සිදුකර තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඒ මහතා මේ වන විට දැරණියගල රෝහලට ඇතුලත්කර ඇත.

පොලීසිය පැවසුවේ දැරණියගල ප්‍රදේශයේ වෙළෙදසලක් අසලදී එම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගමන් ගත් රථය වෙළද සැල අසල නතරකළ අවස්ථාවේදී එම ස්ථානයට ඔහුගේ සමීපතම ආධාරකාරියක් වන එම කාන්තාව පැමිණ තිබේ.

කතාබහ අතරතුර එම කාන්තාව සභාපතිවරයාට දැලි පිහියකින් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දරා ඇත.

එය වැළැක්වීමට සභාපතිවරයා උත්සාහ ගත්තද, ඔහුගේ නාසය දැලි පිහියෙන් කැපී තුවාල සිදුවූ බව පොලීසිය පැවසීය.

ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සීතාවක කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
79
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
5
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
30
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
5
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
8
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
5
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
14
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

අවසර නැතුව එලියට බැසොත් වෙන දේ

බස්නාහිර පළාතට ඇතුළු වන මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 295 දෙනෙක් නියමිත...

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ...

හිටිහැටියේ සතොස ලොක්කෙක් අත්අඩංගුවට

සතොස ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සුදු ලූනු කිලෝ...

ශ්‍රී ලංකා කණ්ඩායමට අන්ත පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති අවසන් විස්සයි විස්ස තරඟයේ ජයත් තමන් සතු කරගැනීමට දකුණු...

ලොක්ඩවුන් ඉවතට? නව සංචරන සීමා මෙහෙමයි..

එන සතියේ දී යම් යම් සීමාවන්ට යටත්ව රට විවෘත කිරීමේ හැකියාවක් ඇති බව යුද...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x