පසුගිය දිනවල ආන්දෝලනාත්මක ඝාතන සිද්ධියක් බවට පත්වූ උප පොලිස් පරීක්ෂකවරයෙක් විසින් තරුණියකගේ ගෙලකපා ඝාතනය කර හිසනැති කඳ සූට් කේසයක දමාගෙන විත් කොටුව වේල්ලවීදියේ අතහැර යාමේ සිද්ධිය සම්බන්ධකර ගනිමින් වාහන වෙළඳ දැන්වීමක් දැමූ වාහන සේල් එකක හිමිකරුවෙක් මේවන විට සමාජා ජාල තුළ බරපතල විවේචනයට ලක්ව තිබේ.
සමීර ඔටෝ ට්‍රේඩර්ස් (Sameea Auto Traders) නැමැති වාහන සේල්එක ජනප්‍රිය කිරීමේ අරමුණෙන් “බෑග්එකෙන් යනවද කාර්එකෙන් යනවද” යැයි අසමින් අදාළ දැන්වීම අන්තර් ජාලය තුළ පලකර තිබිණි.
නොම්බර 82A පාගොඩපාර නුගේගොඩ යන ලිපිනයේ පවත්වාගෙන යන අදාළ වාහන අලෙවි සැලේ හිමිකරුවන්නේ සමීර වීරවර්ණ නැමැත්තෙකි.
පසුගිය මාර්තු 02 වැනිදා රජයේ ඩේලි නිවුස් පුවත්පත වෙත අදහස් දක්වමින් වීරවර්ණ මහතා කියා තිබුණේ වසර තුනක් පමණ පැරණි සිය ව්‍යාපාරයේ අලෙවිය 40%කින් වර්ධනය කර ගැනීමට අදහස් කර ඇති බවයි.
එසේ පැවසීමෙන් දින කිහිපයකට පසුව සමාජ මාධ්‍ය තුළ පිළිකුලට ලක්වූ අදාළ දැන්වීම පලකර තිබිණි.
සමීර මේ දැන්වීම තමා දැනුවත්ව නිර්මාණය කරන ලද්දක් බව මේ වන විට පිළිගෙන තිබේ.
දැන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවීමෙන් පසුව එය ඔහු විසින් ඉවත්කරගත් බවද ඔහු කියා සිටී. ඒ අතර, අදාළ දැන්වීම නිර්මාණය කර ඇත්තේ කාන්තාවක් විසින්වීමද විශේෂ සිද්ධියකි. නුගේගොඩ පිහිටි Rabbit නැමැති දැන්වීම් ආයතනය විසින් මේ දැන්වීම සමීරට නිර්මාණය කර දී තිබේ.
මිනිසුන්ගේ වේදනාව විකුණන් කණ පාහර දැන්වීමක් – සුනන්ද දේශප්‍රිය
ප්‍රවීණ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා මේ දැන්වීම හඳුන්වා තිබුණේ “මිනිස්සුන්ගේ වේදනාව විකුණන් කන පාහර දැන්වීමක්” ලෙසයි.
ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබිණි.

මෙසේ පලකර තිබූ දැන්වීමට සමාජ මාධ්‍ය තුළ එල්ල ව තිබූ විවේචන කිහිපයක් පහත දැක්වේ.




sinhala.srilankamirror.com