25 C
Colombo
Monday, June 14, 2021
logo

සයිනොෆාම් එන්නත ගත් ජනතාවට දැනුම්දීමක්

සයිනොෆාම් එන්නත ලබාදීම පසුගිය මැයි මස 08 වනදා සිට ආරම්භ කෙරිණි. ඒ අනුව එහි ප්‍රථම එන්නත ලබාගත් ජනතාවට, ජුනි මස 08 වනදා සිට මාසයක් පිරෙන දිනයේදී පළමු එන්නත ලබාගත් ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දී තිබේ. සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇති වෙනත් දිස්ත්‍රික්කයන්හි එන්නත්කරණ කටයුතු විධිමත්ව සහ අඛණ්ඩව සිදුකිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

මේ අතර යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූවේ මීළඟ එන්නත්කරණ වැඩසටහන් රත්නපුරය සහ යාපනය දිස්ත්‍රික්කයේ ආරම්භ කෙරෙන බවයි. පවතින කොවිඩ් අවදානම මත සෞඛ්‍ය අංශවල නිර්දේශ පරිදි එම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. කොවිඩ් එන්නත්කරන වැඩසටහන බස්නාහිර පළාතෙන් ආරම්භ වූ අතර පසුව එය ගාල්ල, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්ක දක්වා ව්‍යාප්ත කළේය.

ඒ අනුව මේ වනවිට කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුද්ගලයන් ගණන 1,503,635කි.මෙරටට ඊයේ (27) රාත්‍රියේ රැගෙන ආ “ස්පුට්නික් V” එන්නත් මාත්‍රා මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ලබාදීමට කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
21
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
6
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
3
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
4
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
5
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
13
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
4
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තවත් ආසාදිතයන් 1633ක්…

තවත් කොරෝනා ආසාදිතයන් 1633ක් හදුනාගත් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු පවසයි.ඒ අනුව මෙරට මෙතෙක් හදුනාගත්...

වාහන මිල ගැන දැනුම්දීමක් – ජනප්‍රිය වාහනවලට සිදුවන දේ මෙන්න

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ වාහන ආනයනය සීමා කිරීම සමග මේ වන විට ජනප්‍රිය...

සැප වාහන එපා, ඒ මුදල් ජනතාවට එන්නත් ගෙන්න යොදා ගන්න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදිමට යන සුඛෝපභෝගී වාහන තමන් ඇතුළු සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු...

කොවිඩ් මරණ 63ක්

කොවිඩ් ආසාදිත තවත් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඒ අනුව...

දෛනික ආසාදිතයින් 2,759ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 527 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x