සරසවි වරම් ලද සිසුන් ප්‍රමාණය 34% කින් ඉහළට

උගතුන්ගෙන් වියතුන්ගෙන් සපිරි සමාජයක් කියන්නේ ඕනෑම රටකට මහාර්ග සම්පතකි. එහෙම සමාජයක් සහිත රටක් මිස ලෝකයේ දියුණුම රටවල් බවට පත්වූ රටවල් නොමැත. මේ නිසා අනාදිමත් කාලයක සිට තම රටේ උගතුන් බිහි කරගන්නට බුද්ධිමත් පාලකයන් කටයුතුකර තිබේ.

සමස්ත පුරවැසියාගේම ආධ්‍යාපනය වෙනුවෙන් රටේ ආදායමෙන් සැලකිය යුතු වැය බරක් දරමින් විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් සකසා ගැනීමට හැමවිටම උත්සහකර ඇත. ඒ අනුව අප රටෙත් නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ රජය මඟින් නොමිලයේ අධ්‍යාපනය විශ්වවිද්‍යාල මට්ටම දක්වා ලබාදීමට පියවර ගෙන ඇත්තේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙනි.

මෙහිදී අධ්‍යාපන ප්‍රතිපත්තිවල අඩුපාඩුකම් සීමාසහිතකම් රජය විසින් ලබාදෙන මුල්‍ය ප්‍රතිපාදනයන්හී හිඟකම ආදිය නිසා වරින් වර ගැටලුකාරිත්වයන් හටගත්තද සාමාන්‍යයෙන් 1944 නිදහස් අධ්‍යාපන පනත යටතේ ක්‍රියාත්මක වූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය අඛණ්ඩව මේ දක්වා රැක ගැනීමට සියලු පාලන යුගවලදී සිදුකර තිබේ. ඊට බාධාවන ක්‍රියාවන්ට එරෙහි උද්ඝෝෂණයන්ද ඕනෑ තරම් සිදුව තිබේ.

අද අප මෙහි තවත් වැදගත් පියවරක් ඉදිරියට තබා ඇත. ඒ විශ්ව විද්‍යාල වරම හිමිකර ගැනීමට සිසුන්ට තිබූ අවස්ථාව තවදුරටත් වැඩිකරමින් අධ්‍යයන වර්ෂයක් සඳහා ඉතිහාසයේ වැඩිම සිසුන් ප්‍රමාණයක් ඇතුලත් කරගැනීමට සමත්වීම නිසාය.

සාමාන්‍යයෙන් මෑත ඉතිහාසය තුළ උසස් පෙළ විභාගය සඳහා සිසුන් දෙලක්ෂ අසූදහසකට ආසන්න සිසුන් පිරිසක් පෙනී සිටියද විශ්වවිද්‍යාල වරම දිනාගන්නේ සිසුන් 30,000 කට ආසන්න ප්‍රමාණයකි. මේ සීමාසහිතකමට ප්‍රධාන හේතුව සිසුන්ගේ අසමත්කම නොවේ. ලකුණකින් දෙකකින් විශ්වවිද්‍යාලය මඟ හැරුණු දහස් ගනනක් මේ උසස් පෙළ සිසුන් අතර සිටී. වසර දෙකකට ආසන්න කාලයක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන බලාපොරොත්තුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය සහ මාපියන්ගේ මුදල් වැය කරමින් විභාගයත් ඉහළින් සමත්ව එහෙත් විශ්ව විද්‍යාලය අහිමිවීම තුළ ඒ වෙනුවෙන් කළ කැපකිරීම අපතේ යන අතර යළි උසස් අධ්‍යාපන අවස්ථාවද එතැනින් කෙළවරවීමේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වේ.

මේ නිසා දැන් කාලාන්තරයක් තිස්සේ විශ්ව විද්‍යාල සඳහා බඳවාගන්නා සිසුන් ප්‍රමාණය ඉහළ දමන ලෙස උද්ඝෝෂණයක්ද පවතී. එහෙත් අප දන්නා කාලය තුළ ඊට විසැඳුමක් රජයකින් ඉදිරිපත් වූයේ නැත. විශ්වවිද්‍යාවල ඉඩකඩ සීමාසහිතවීම, මුල්‍ය ප්‍රතිපාදන හිඟකම ආදි ද ඊට බාධාකර තිබිණි. ඊටත් වඩා මෙහිදී අදාල බලධාරීන් වෙතින් මේ ගැන නියමාකාර උනන්දුවක් නොදැක්වීම සිදුව තිබූ බව අවධාරණයෙන් සඳහන් කළ යුතුය.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණීමට පෙර විශ්ව විද්‍යාල සඳහා වැඩි සිසුන් ප්‍රමාණක් බඳවාගන්නා බවට පැහැදිලි පොරොන්දුවක් දී තිබිණි. මේ වෙනුවෙන් විශාල වැඩ පිළිවෙලක්ද ඔහු සතුව තිබිණි. නව විශ්ව විද්‍යාල පද්ධතියක් බිහිකර වැඩි සිසුන් ප්‍රමාණයක් ඇතුලත් කර ගැනීමේ යෝජනාවක්ද එහි තිබිණි. ඒ වෙනුවෙන් වන වැඩ පිළිවෙල මේවන විට ක්‍රියාත්මක නමුත් ඒවාට සිසුන් බඳවා ගැනීම ආරම්බ කිරීම තවත් වසර කිහිපයක කල් ගතවන වැඩකි.

එහෙත් එතරම් කාලයක් බලානොයිද පවතින විශ්ව විද්‍යාල පද්ධතිය වෙත අමතර සිසුන් ප්‍රමාණයක් ඇතුලත් කරගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් පරිදි උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධනත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවත්, සියලූම විශ්වවිද්‍යාල උපකුලපතිවරුත් සහ වගකිවයුතු අනෙක් පාර්ශ්වයනුත් සාකච්ඡා කර නව වැඩ පිළිවෙලක් දියත් කෙරිණි. මේ නව ක්‍රමවේදය ගැන සිසුන් හා එම දෙමාපියන් සමඟත් සාකච්ඡාකර කිසිදු විරෝධතවයකින් තොරව එම කටයුතු ඉතා සාර්ථකව මල්පළ ගැන්වීමට අද සමත් වී තිබේ.

ඒ අනුව මෙවර එනම් 2019/2020 අධ්‍යනය වර්ෂය සඳහා පෙර වර්ෂයට වඩා සිසුන් දසදහස් පන්සිය අසූඅට (10,588) දෙනෙකු බඳවාගැනීමට සමත්ව තිබේ. පසුගියවර ඇතුළත් කරගෙන තිබුණේ සිසුන් 32,184ක් වන අතර මෙවර එය 42,772ක් එනම් සියයට 34 ක වැඩි වීමකි. ඇත්ත වශයෙන්ම ආණ්ඩුව මුලදී බලාපොරොත්තු වූයේ සිසුන් ප්‍රමාණය සියයට 25 කින් වැඩි කිරීමට නමුත් එය සියයට 34 ක් දක්වා වැඩි කරගැනීමට සමත්ව තිබීම සිසුන්ගේ පැත්තේන් ඔවුන් ලැබූ ජයග්‍රහණයක් වන අතරම රටේ අනාගතය පැත්තෙන්ද සුවිශේෂී ජයග්‍රහණයකි.

මෙහි ඇති අනෙක් වැදගත්ම දේ නම් අමතර සිසුන් දසදහසක් දෙනා විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළත් කරගැනීම යනු අලුතෙන්ම විශ්ව විද්‍යාල කිහිපයක්ම ආරම්භ කර සිසුන් බඳවා ගත්ත තරමේ විශාල ව්‍යාපෘතියක් වීමය. අලුතෙන් වි.විද්‍යාල ගොඩනැගිල්ලක් හෝ ඉදිකර අවසන් කරන්නටත් පෙර පවතින ඉඩකඩ කළමනාකරණය කරගනිමින් මෙලෙස සිසුන් බඳවාගැනිමට හැකිවීමෙන් පැහැදිලිවන්නේ කලින් කී ලෙසම හිටපු බලධාරීන් මේ වෙනුවෙන් දැක්වූ නොසැලකිල්ලත්, අධ්‍යාපනය වෙනුවෙන් අමතර වැය බරක් දරන්නට පාලකයන් අසමත් වීම නිසාත්ය.

එහෙත් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ කියන්නේ, අදාල බලධාරීන්ට වැඩක් පැවරූ කළ, ‘අරවා නෑනේ.. මේවා නෑනේ.. චක්‍ර ලේඛය අරමනේ..මෙහෙමනේ…’ කියමින් ඔවුන්ට වැඩ මඟහැර යාමට ඉඩ දෙන පාලකයකු නොවේ. ජනාධිපතිවරයා වැඩක් පැවැරුවා නම් ඒ කොහොම හරි ඉ‍ටුකර පෙන්වීම බලධාරීන් වෙතින් විය යුතුය. එහෙම බැරි කෙනෙක් ඉන්නවා නම් ඒ වෙනුවට වෙන කෙනෙකු ඔහු පත් කරනු ඇත. එහිදී වැඩකළ හැකි දක්ෂයා, වගකීම් දැරීමට සුදුස්සා වෙනු ඇත.

මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය අකාර්යක්ෂම වී ඇත්තේ, ඒ සඳහා ඇති පරිපාලන ක්‍රමවේදයන්, බලය, මුදල් නොමැතිකමට වඩා ඔවුන්ව නිවැරදිව මෙහෙයවීමට නිසි නායකත්වයක් නොමැතිවීම සහ කාලයක් තිස්සෙ එකම තැනකට කො‍ටු වී අටුවැම් බැහැපු නිලධාරීන් යම් යම් දුෂිත අක්‍රමවත් ක්‍රමවේදයන්ට හුරුවී, අලසව කාලය ගතකරමින් සිටීමට වැඩි කැමැත්තක් තිබීම නිසාය. මේ අකාර්යක්ෂම යාන්ත්‍රණය සුද්දබුද්දකර, අළු දූලී ගසාබසා, නව ජවයකින්, නව ඉලක්කයක්, අරමුණක් සහිතව නිවැරදි නායකත්වයකින් වැඩකරන හැටි, අද ජනාධිපති ගෝඨාභය ප්‍රයෝගිකව පෙන්වා දෙමින් තිබෙන බවට තවත් උදාහරණයක් ලෙස මෙම වි.වි.සිසුන් බඳවා ගැනීමේ නව වැඩසටහනෙනුත් තහවුරු කර තිබේ.

අප පැතුවේ කිව් දේ කර පෙන්වන, මෙවැනි ශක්තිමත් නායකත්වයකි. ඒ පැතු දේ අද ඇස් පනා පිටම සිදුවෙමින් පවතී.. රටේ අනාගතය, ආසියාවේ උගතුන් බුද්ධිමතුන් සපිරි දියුණුම රාජ්‍යක් ලෙස, ගොඩනැගීම යථාර්ථයක් මිස හුදු සිහිනයක් නොවන බවට සැක කරන්න හේතු නැති බව ජනාධිපතිවරයා දැනටම තහවුරු කර තිබේ.

එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට අවම වශයෙන් එකක් (01) වන සේ විශ්වවිද්‍යාල විද්‍යායතන 300ක් පමණ ලංකාව පුරා ආරම්භ කිරීමට අපේක්ෂාකරන බව පසුගියදා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශකර තිබූ අතර ඒ සඳහා ඌණ උපයෝජිත හා සම්පූර්ණ වශයෙන් අත්හැර දමා ඇති රාජ්‍ය දේපළ යොදා ගන්නා බව ද කියා සිටියේය. එමෙන්ම දැනට රජයේ විවිධ දෙපාර්ත‍මේන්තු සහ ආයතන යටතේ විවිධ පාඨමාලා පවත්වාගෙන යනු ලබන ආයතන, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ විශ්වවිද්‍යාලවලට අනුබද්ධිත විශ්වවිද්‍යාල ආයතන බවට පත්කිරීමට අපේක්ෂා කරන බවත් මෙම වසර තුළදී පමණක් එවැනි ආයතන 100ක් පමණ ආරම්භ කිරීමට නියමිතය.

මෙය මේ රටේ අධ්‍යාපන විප්ලවයක් මිස වෙනකක් නොවනු ඇත.!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගය අද

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන තරගය...

චීනය තුල ඉන්ධන හිඟයක්

චීනය තුළ ඉන්ධන අර්බුදයක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊට ප්‍රධාන හේතුව වී...

පහරදී මරා දැමු තරුණයෙකුගේ සිරුරුක් කැළණියෙන් හමුවෙයි

පෑලියගොඩ, වනවාසල පාරේ තිබී තරුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බව පොලිසිය සඳහන් කර...

කොවිඩ් එන්නත් කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය වෙයිද.? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ හෙළිදරව්ව මෙන්න

කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ සම්බන්ධයෙන්...

රටක් දින වූ පුතෙක් ගැන පියෙකුගේ සතුට (VIDEO)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ඉන්දු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x