29 C
Colombo
Tuesday, April 13, 2021

සල්ලි කොල්ලකෑවයි රංගනයේ යෙදී කළ බොරු පැමිණිල්ල සී.සී.ටිවියෙන් මාට්ටු

රුපියල් විසිතුන්ලක්ෂ අසූහතර දහසක මුදලක් කොල්ල කෑ බවට හෙයියන්තුඩුව පොලිසියට පෞද්ගලික ආයතනයක විධායක නිලධාරී විසින් සිදු කළ පැමිණිල්ලක් පරික්ෂා කිරීමේදී එම සිද්ධිය සැලසුම් කළ එකක් බව අනාවරණය වී තිබෙනවා.

පැමිනිල්ල සිදුකළ විධායක නිලධාරියා විසින් එම ආයතනයේ මුදල් ඔහුගේ පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් වියදම් කර එය පියවා ගැනීම සඳහා මෙලෙස ව්‍යාජ කොල්ලකෑමෙන් සිද්ධියක් රඟ දක්වා ඇති බවටයි වාර්තා වන්නේ.

අදාල පුද්ගලයා පොලීසියට පැමිණිලි කර ඇත්තේ තමන් මෙම මුදල බැංකුවේ තැම්පත් කිරීමට පැමිණෙන අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් එම මුදල කොල්ල කොල්ලකෑ බවයි.

කෙසේ වෙතත් මේ සිද්ධිය පැමිණිලිකරු සහ ඔහුගේ බිරිඳගේ සොහොයුරා විසින් සැලසුම් කරන ලද්දක් බව මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

මෙම කොල්ලකෑමේ ජවනිකාවට පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනාට ඒ සඳහා මුදල් ගෙවීමක් සිදු කර ඇති බවත් සිද්ධිය වූ අවස්ථාවේ එම මුදල් බෑගයේ තිබී ඇත්තේ රුපියල් 50,000ක පමණ මුදලක් බවත්ටත් අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධියට යොදා ගත් යතුරුපැදිය මේ වන විටත් සොයාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික ආයතන විධායක නිලධාරිවරයා සහ ඔහුගේ බිරිඳගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
5
හම්මෝ !
14
මාර දුකයි !
1
කුජීතයි !
1
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රූමතියන් සමග සෙල්ෆි ගසා මුහුණු පොතේ දමන මනමාල එස්.අයි. ගැන විමර්ශන

රූප රාජිනියන්, අවුරුදු කුමරියන් තෝරන තරගවල මාධ්‍ය සම්බන්ධීකරණ හා ආරක්ෂාව සපයන බව කියන උප...

අධික බීමතින් භික්‍ෂුවක් රිය පදවයි.. මිනිස්සු වටවී ගහන්න යයි..

අධික බීමතින් භික්ෂූන් වහන්සේ නමක් වාහනයක් පදවන අවස්ථාවක වූ සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල...

නුගේගොඩ පස් මහල් වෙළඳ සංකීර්ණයක ගින්නක්

නුගේගොඩ නගරයේ පිහිටි පස්මහල් වෙළඳ සංකීර්ණයක ගින්නක් හට ගෙන තිබෙනවා.ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවීමේ...

සෙල්ලම් කරමින් සිටි දරුවෙකුට මරු කැඳවූ යබරලූවේ කුකුළා

මල්වානේ, යබරලූව ප‍්‍රදේශයේ නිවසක ළමයින් දෙදෙනකු සෙල්ලම් කරමින් සිටියදී කුකුළෙකට බියෙන් දිව ගිය ළමයකු...

මෝටර් රථයක් තුළින් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

මෝටර් රථයක් තුළ රියැදුරු අසුනේ මියගොස් සිටින පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද(11) උදෑසන හමුවී ඇතැයි...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x