31 C
Colombo
Saturday, April 10, 2021

සහරාන්ගේ කාන්තා අංශයේ 11දෙනෙකු අතුරුදන්

මොහමඩ් සහරාන් යටතේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ කණ්ඩායමේ කාන්තා අංශයට අයත් විසිහයදෙනකු ආගම වෙනුවෙන් මියදෙන්නට පුහුණුව ලබා ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත.

එයින් කාන්තාවන් 17ක් මරාගෙන මැරෙන ප්‍රහාරය සඳහා ප්‍රතිඥා දී (බයියන්) ඇතැයිද මීට පෙර හෙළි විය.

මෙම කාන්තා අංශයේ විසිහය දෙනාගෙන් ඇතැමුන් සහරාන්ගේ දේශන එකකට, දෙකකට සහභාගි වූවන්ය. ඇතැම් කාන්තාවන් දේශන පහටම එක් වී ඇත. මින් ඇතැමුන් විවාහ වී ඇති නිසා අන්තවාදී අදහස් අත්හැර ඇතැයිද විමර්ශනවලදී හෙළි වී තිබේ.

මරාගෙන මැරෙන ප්‍රතිඥාව දුන් දාහත් දෙනාගෙන් පහක් මියගොස් දස දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් දෙදෙනකු සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

කාන්තා අංශයට සම්බන්ධ ඉතිරි නවදෙනාත් සොයා විමර්ශන අරඹා තිබේ.

තිස්ස රවින්ද්‍ර පෙරේරා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

‘මං හොඳටම වැටිලා ඉන්නේ’ ජනාධිපති කිවුවා…

‘මං හොඳටම වැටිලා ඉන්නේ’ යයි ජනාධිපතිතුමන් පැවසූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේ...

MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් කෝටි 342 ක් වන්දි ඉල්ලයි

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ආසන්න නැගෙනහිර මුහුදු සීමාවේදී සිදුවු නෞකා අනතුර සහ...

කොරෝනා ගැන අලුත් අනාවරණයක්

කොරෝනා ආසාදනය වී සුවය ලබන පිරිසෙන් සියයට 30කට වැඩි ප්‍රතිශතයකට මානසික හෝ ස්නායු ආබාධ...

කාදිනල් හිමිට පිළිතුරු දුන් හිටපු ජනපති මෛත්‍රී

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමන් පිළිබඳ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටු වන බව හිටපු...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x