සහරාන්ට සහය දැක්වු විවාහ රෙජිස්ට්‍රාර්වරයෙක් අත්අඩංගුවට

2017 වසරේ දී සහරාන් හෂීම් සහ තවත් පුද්ගලයින් පිරිසකට රැකවරණය සැලසීම හා අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට සම්බන්ධ පුද්ගලයෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔලුවිල් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදි විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු ලෙස කටයුතු කළ අයෙකු බව පොලීසිය පැවසුවේය.

කාන්තන්කුඩි ප්‍රදේශයේ දී සහරාන් ඇතුළු පිරිස තවත් කණ්ඩායමක් සමඟ ගැටුමක් ඇතිකර ගැනීමෙන් පසු පළා ගොස් සැඟව සිට ඇත්තේ ඊයේ (30) අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසේ බවට අනාවරණය වී තිබේ.

ඔහුගේ නිවසේ රැකවරණ ලැබු පුද්ගලයන් දෙදෙනෙකු මීට පෙර පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

එකම පවුලේ 3ක් බිලිගත් දිය ඇල්ල ගැන තීරණයක් ගනියි

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් ඇල්ලවල දිය ඇල්ල නැවත දැනුම් දෙන තුරු සංචාරකයන් සදහා...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (24) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

උපන්දිනය දවසේ නාඩගම්කාරයෝ නාට්‍යයේ කවඩියාට (සංගීත් ප්‍රභූ) ලැබුණු සප්‍රයිස් එක

නාඩගම්කාරයෝ කියන්නේ මේ වෙද්දි ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යයි. නාඩගම්කාරයෝ නාට්‍යයේ කවඩියාගේ චරිතයට රංගනයෙන් දායක...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය අද සාජා හිදී පැවැත්වෙනවා. මෙම තරගයේ...

සය නිවුන් දරුවන්ගේ පියා පළමු වරට මාධ්‍ය හමුවේ කියූ දේ

එක් දරුවකු බලාපොරොත්තුවෙන් සිටි තමන්ට දරුවන් සය දෙනකු එක්වර ලැබීම විශාල සතුටක් බව මෙරට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x