ස්කූටියෙන් රෝහලේ වාට්ටුවට කඩා වැදුණු තරුණයන් දෙදෙනා අසාධ්‍ය රෝගියෙකු රැගෙන යයි

ඉන්දියාව මේ වන විටත් එරටින් වාර්තා වන කොරෝනා රෝගීන් හට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය අංශවල උපරිම ධාරිතාවය ඉක්මවා යමින් කටයුතු කරමින් සිටියි.

එවන් අවස්ථාවක ඉන්දියාව තුළ බොහෝ සංවේදී සිදුවීම්ද සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් තිබේ. එවන් සිදුවීමක් ඒෂියන් මිරර් වෙතද හමුවිය.

රෝහලක කොවිඩ්-19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි වයස්ගත පුද්ගලයෙකු හට උපකාර කරන තරුණයන් දෙදෙනෙකු මෙම වීඩියෝවේ සටහන්ව තිබුණි.

එහිදී ඔවුන් විසින් ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් රෝහලේ වාට්ටුව වෙත රැගෙනවිත් වයස්ගත පුද්ගලයාව ඔසවා යතුරු පැදියේ වාඩිකරවා රැගෙන ගොස් තිබේ.

මෙම වයස්ගත පුද්ගලයාව වෛද්‍යවරුන් විසින් රෝහලෙන් මුදාහැරියාද, නැතිනම් ඔහුව වෙනත් රෝහලකට රැගෙන යන ලෙස පවසා සිටියාද යන්න තවම පැහැදිළි වී නොමැත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය සමාජ මාධ්‍ය තුළද දැඩි කතාබහක්ද ඇතිව තිබේ. පිරිසක් විසින් රෝහලේ ආරක්ෂිත බව පිළිබඳව එහිදී ප්‍රශ්න කර තිබුණි.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ එරට උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙවන් සිදුවීම් බොහෝයක් ඉන්දියාවේ නන්දෙසින් වාර්තා වන බවයි.

ඉන්දියාවෙන් දෛනිකව කොරෝනා ආසාදිත රෝගීන් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන අතර මරණ දෙදහසකට ආසන්න සංඛ්‍යාවක්ද වාර්තා කරයි.

එම සිදුවීමේ වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
6
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොවිඩ් නිසා වසා දැමුණු රට

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම සැළකිල්ලට ගනිමින් මැලේසියාව සම්පුර්ණයෙන්ම වසා දමා ඇති බව...

වහලය උඩට වැටුණ උල්කාපාතයක් නිසා මිලියනපතියෙක් වු වාසනාවන්තයෙකුගේ කතාව

33 හැවිරිදි ජොෂුවා හුටගලන්ග්, සුමාත්‍රා හි මිනී පෙට්ටියක් සාදන්නෙකු වන අතර කොලැන්ග් නගරයේ පිහිටි...

කොවිඩ් මාරයාගෙන් බේරෙන්න ගොම නාන මිනිස්සු – ජායාරූප

කොරෝනා වෛරසයෙන් බේරීමට හැකි බවට ඇති විශ්වාසයෙන් ඉන්දියාවේ ඇතැම් ජනතාව ගවයන්ගේ මල සහ මුත්‍රා...

තවත් සුපිරි නළුවෙකු අවසන් ගමන් යයි

දකුණු ඉන්දිය විකට නළුවෙකු මෙන්ම චරිතාංගන නළුවෙකු වන පී. පාණ්ඩු අභාවප්‍රාපත්වී තිබෙනවා.ඔහු මිය වනවිට...

ආදාහනාගාරවල තබා ගන්නට බැරි කොරෝනා මළ සිරුරු යමුනා නදියේ පාවෙන හැටි

ඉන්දියාවේ කොරෝනා මළ සිරුරු ආදාහනය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුව ඇති අතර මළ සිරුරු අධිකවීම නිසා...

කොරෝනා රෝගීන් විලාප නගද්දී සුපිරියට ඉදිවෙන පාර්ලිමේන්තු මන්දිරය මෙන්න

ඉන්දියාවේ කොරෝනා ආසාදනය වූ ජනතාව ඔක්සිජන් හා රෝහල් ඇඳන් නැතිව විලාප නඟන අවස්ථාවේ නරේන්ද්‍ර...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x