26.9 C
Colombo
Tuesday, September 28, 2021

ස්පුට්නික් වී එකක් ගත් අයට සිදුවන දේ

රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දන එන්නතක් වන ස්පුට්නික් වී (Sputnik v) එක් මාත්‍රාවකින්ද ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණයක් ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනුක විද්‍යා ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වා දෙයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්‌යේෂකයන් කණ්ඩායමක් විසින් ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්‌යේෂකයන්ද එක්කරගනිමින් සිදු කළ පර්‌යේෂණයක අවසන් වාර්තාව ප්‍රසිද්ධියට පත් කරමින් ට්විටර් පණිවුඩයක් ඔස්සේ ආචාර්ය ජීවන්දර මේ බව තහවුරු කර ඇත.

එම පර්‌යේෂණයෙන් ස්පුට්නික් වී එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයන්ගේ සිරුරේ 88.7%ක ප්‍රතිශක්තිකරණ හැකියාවක් නිර්මාණය කෙරෙන බව සොයාගෙන ඇත. පුද්ගලයන් 327 දෙනකුගෙන් සමන්විත නියැඳියකින් මෙම පර්‌යේෂණය සිදු කර තිබේ.

එසේම ස්පුට්නික් වී පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ පුද්ගලයන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ගොඩනැගෙන ප්‍රතිශතය 82.6%ක් තරම් ඉහළ අගයක් ගනී. මෙම පර්‌යේෂණයට යොදාගෙන ඇත්තේ ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සති 04ක කාලයක් ගත කළ පුද්ගලයන්ය. කෙසේ වෙතත් ස්පුට්නික් වී එන්නතේ දෙවැනි මාත්‍රාවද නියමිත කාල පරාසයන් තුළ ලබා ගැනීම ඔස්සේ වඩාත් ඉහළ මට්ටමේ ප්‍රතිදේහ ප්‍රමාණයක් ශරීරයේ නිෂ්පාදනය කරගත හැකි බව ද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

නයන තරංග ගමගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
37
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
3
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
3
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
8
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පොලිස් කොස්තාපල් තම යාළුවාගේ බිරියට යැවු නිල් දසුනක් නිසා සිදුවු අලකලංචිය

මිතුරු පොලිස් කොස්තාපල්වරයාගේ බිරියගේ ජංගම දුරකතනයට වැට්ස්ඇප් හරහා අසැබි දසුනක් යැවූ බව කියන අධිවේගි...

බුද්ධාගම වැළඳ ගත් සුදු කතට මෙරටදී කළ පාහර වැඩේ

අවුරුදු 25ක් තිස්සේ උණවටුනටම උදවු කළ කතට අන්තිමේ කරපු දේ විදේශිය කාන්තාවක් පදිංචිව සිටින...

උණ්ඩයට බිලි වූ වීරකැටිය සචින්තගේ මව කියන සංවේදී කතාව

ලොව පුරා සිටින සමස්ත ලොකු කුඩා බාල මහලු දැනඋගත් ඇති නැති සියලූම දෙනාට ස්වභාවධර්මයා...

විභාග කොමසාරිස් ධුරයෙන් ඉවතට ?

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා රජය තීරණය කර...

සියල්ලන් සුදානම් වෙන්න රට අරින්න සූදානම් ජනපතිගෙන් විශේෂ උපදෙස්

ලබන ඔක්තෝබර් පළමු වැනිදා නිරෝධායන ඇ`දිරි නීතිය ඉවත් කර යළි රට විවෘත කිරීමට හැකි...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x