ස්වර්ණමහල් ජුවලර්ස් පෞද්ගලික සමාගමේ හිටපු අධ්යක්ෂවරුන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ අංජලී එදිරිසිංහ යන අයයි.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිපති දප්පුල ද ලිවේරා පොලිස්පතිවරයාට ලබා දුන් උපදෙස් මතයි.
මීට පෙර ද ඊ.ටී.අයි පෞද්ගලික සමාගමේ සිදු වී ඇතැයි පැවසෙන මුල්‍ය වංචා සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?