සාපෙළ විභාගයට ලියන්න සිටි දුවගේ ලියකියවිලි ගිනිතැබූ පියාට කලදේ..!

සාපෙළ විභාගයට ඊයේ (01) පෙනී සිටීමට නියමිතව සිටි සිය දියණියගේ හැඳුනුම්පත, විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳුම් ඇතුළු නිවසේ තිබූ සියලුම දේ ගිනි තබා විනාශ කළ පුද්ගලයකු මෙම මස 15 වැනිදා දක්වා රිමාන්ඩ් කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (01) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් කරන ලද්දේ හේරත් මුදියන්සේලාගේ රවින්ද්‍ර හේරත් කුමාර නමැති 36 හැවිරිදි සැකකරුවෙකි. ඔහු විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි දැරියගේ පියා බව පොලිසිය කියයි. සැකකරුගේ වැඩිමල් දියණිය සාමාන්‍ය පෙළ විභාගයට ඊයේ (01) පෙනී සිටීමට නියමිතව සිටි නිසා ඇයගේ හැඳුනුම්පත සහ විභාග ප්‍රවේශ පත්‍රය ඇතුළු ලියකියවිලි ගිනිගෙන ඇති බවට පොලිසිය විසින් සහතික කරන ලද ලිපියක් විභාග ශාලාධිපතිවරයාට නිකුත් කර ඇත.

පොලිසිය අධිකරණයට කියා සිටියේ සැකකරු බීමත්ව පැමිණ ඉකුත් 27 වැනි දින රාත්‍රී බිරියට පහරදී නිවසේ තිබූ සියලුම දේට ගිනි තබා ඇති බවය. හබරාදුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂක විමල් ප්‍රේමවංශ මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ජනපති කළ ඉල්ලීම

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇතුළේම සාකච්ඡා කර විසඳාගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මැති...

ගුරුවරුන් කල උද්ඝෝෂණය මැද්දට පොලීසිය කඩා පනී! අට්ටාලය කඩා දමයි

ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන ලෙස ඉල්ලමින් ඊයේ ‌ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට...

ජනපතිගේ සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට යන දේ මෙන්න

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සවස 5.30ට ආණ්ඩු පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

ඇඟ හදාගත්තු තවත් අපේ රටේ කොල්ලෙක් අන්තර්ජාලය කළඹයි – Photos

අන්තර්ජාලය හරහා කාලෙන් කාලෙට විවිධ කතා මතුවෙනවා.ඒ විදිහට මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන...

​වත්මන් ආණ්ඩුව ගැන දුමින්ද සිල්වා පෙර නිමිති කියයි

වත්මන් ආණ්ඩුව තව අවුරුදු 15 ක් යනතෙක්වත් වට්ටන්නට හැකියාවක් නොමැති බව ජාතික නිවාස සංවර්ධන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x