Central Bank Central Bank

සැකකරුට ගෙන ආ බත් පැකැට්ටුවේ මත්ද්‍රව්‍ය

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය යැවෙන ක්‍රමවේදයක් ගැන අනාවරණය කර ගැනීමට බන්ධනගාර නිලධාරීන් සමත්වී තිබේ.

එය අනාවරණය වූයේ, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි රැඳවියෙකුට ලබාදීමට ගෙන ආ බත් පැකට්ටුවක තිබී අයිස් යැයි සැකකළ හැකි මත්ද්‍රව්‍ය පැකට් 04ක් හමුවීමෙනි.

පොලීසිය පැවසුවේ බත් පැකට්ටුවේ තිබු මස් කැබලි තුළ සුක්ෂම ලෙස සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය පැකට් 4 හමුවූ බවය.

ඊයේ (09) පෙරවරුවේ 11.15ට පමණ අදාළ සැකකරු රැඳවියෙකුට ලබාදීම සඳහා බත් පැකට්ටුවක් ගෙනවිත් තිබුණි.

නමුත් ඒ පිළිබඳව සැකසිතූ බන්ධනාගාර හදිසි උපක්‍රමික බළකායෙහි නිලධාරින් ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේදී එම මත්ද්‍රව්‍ය හමුවී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ සැකකරු හා මත්ද්‍රව්‍ය, ඉදිරි නීතීමය කටයුතු සඳහා බොරැල්ල පොලීසිය වෙත භාරදී තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්