සැමියා එන්නත ගන්න ගිය වෙලේ බිරිඳ කළ වැඩෙන් ගමක් නොසන්සුන්

ඇඹිලිපිටිය – කුට්ටිගල – කච්චිගල ප්‍රදේශයේ කාන්තාවක් සැක සහිත ලෙස මරණයට පත් වී ඇති බව පොලීසිය පවසනවා.

මේවන විට සැක පහළ වී ඇත්තේ ඇය සිදු කරගත් ගබ්සාවක් නිසා හටගත් අධික රුධිර වහනය හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බව යි.

මේ පිළිබඳව ඇඹිලිපිටිය රෝහල මගින් පොලීසියට කල දැනුම් දීමකට අනුව පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම කාන්තාව මියගොස් ඇත්තේ පසුගිය 10 වනදා යි.

මරණය සැක සහිත බැවින් රෝහල දැනුම් දී ඇත්තේ මරණ පරීක්ෂණයට මෘත දේහය ඡේදනය කිරීම සඳහා අධිකරණ නියෝගයක් අවශ්‍ය බවටයි.

ඒ අනුව සිදු කල මූලික විමර්ශනවලදී අදාල කාන්තාවගේ නිවසේ පිටුපස වළ දමා තිබූ නොමේරු ළදරු කළලයක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

එම කළලය සහ කාන්තාවගේ මෘත දේහය මරණ පරීක්ෂණය සඳහා යොමු කළ බවයි පොලීසිය සඳහන් කළේ.

මියගොස් ඇති කාන්තාව 29 හැවිරිදි දෙදරු මවක්.

ඇගේ ඇගේ කුඩාම දරුවාගේ වයස මාස 7 ක් බව ද සඳහන්.

සිය සැමියා කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම සඳහා නිවසින් බැහැරට ගොස් සිටි අවස්ථාවේදී මෙය සිදුව ඇති බවට යි මේවන විට අනාවරණය වී ඇත්තේ.

මේවන විට පොලීසිය සැක කරන්නේ මෙම කාන්තාව ගබ්සාව සිදු කර ගැනීම සඳහා ලබා ගත් ඖෂධයක් හේතුවෙන් හෝ අධික රුධිර වහනය හේතුවෙන් මරණය සිදුවන්නට ඇති බව යි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
6
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
2
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
11
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
6
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අනියම් පෙම්වතිය දුරකථන ඇමතුමට සම්බන්ධ වුණේ නැහැ කියලා 20 හැවිරිදි විවාහකයා සියදිවි නසාගෙන

අනියම් පෙම්වතිය තම දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැතැයි සිත්තැව්ලට පත් 20 හැවිරිදි විවාහකයකු ගෙල වැලලාගෙන...

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී දැරියක් පිළිස්සී මියගිය සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇයගේ...

රිෂාඩ්ගේ බිරිඳ , පියා සහ සොහොයුරා ගැන පොලිසිය ගත් තීරණය

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී මිය ගිය දැරිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගත්...

අපි ජනතාව වෙනුවෙන් උපරිම දේ කරනවා -අගමැති

ලෝක වසංගතයකට මුහුණදෙමින් රජය ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් ඉටු කිරීමට උත්සහා දරන අවස්ථාවක ඇතැමුන්...

පාසල් ළමුන්ට ලබා දෙන කොවිඩ් එන්නත මෙන්න

වයස අවුරුදු 12 - 18ත් අතර පාසල් දරුවන්ට ද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x