30 C
Colombo
Wednesday, September 22, 2021

“සැරෙන් සැරේට උණ අඩු, වැඩි වෙන ගතියක් තිබුණා දෙතුන් පාරක් ඔක්සිජන් දුන්නා..” – සුනිල් පෙරේ­රාගේ පුතු සජිත කියයි

මේ වන විට කොඩිඩ් 19 වසංගතයේ ඩෙල්ටා ප්‍රභේදය රට පුරා ශීඝ්‍ර‌ෙයන් ව්‍යාප්ත වෙමින් තිබෙන බව කවුරුත් දන්නා කරුණකි. සියලු දෙනා අවදානමක පසුවන පසුබිමක ඉකුත් සතියේ මෙරට කලාකරුවන් රැසක්ම කොවිඩ් 19 ආසාදිතයන් බවට පත්වූ අතර ප්‍රවීණ සහ ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා ද ඒ අතර විය.
ඔහු ආසාධ්‍ය තත්ත්වයේ පසුවන බවට ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ ගිලන් ඇඳක ප්‍රතිකාර ලබමින් සිටින ඡායාරූපද සමඟය. සුනිල් පෙරේරා නම් ගායන ශිල්පියාට ඇලුම් කරන ඔහුගේ රසිකයන් සංවේගයට පත්කළ එම පුවත පිළිබඳ ඔහුගේ පුත් සජිත පෙරේරා කියන්නේ මෙවන් කතාවක්.

සුනිල් පෙරේරා කොවිඩ් 19 ආසාදිතව අසාධ්‍ය තත්ත්වයේ පසුවනවාද?“නෑ…. කවුද කියන්නේ”

සමාජ මාධ්‍ය තුළ එවැනි පුවතක් ඡායාරූප සමඟ පළවී තිබුණා නේද?“සමාජ මාධ්‍ය කියන හැම දෙයක්ම ඇත්තම නෙවෙයි.”

රෝහල් ඇඳක ඔක්සිජන් ගන්න පින්තූරත් ඒ අතර තිබුණා..?“ඔක්සිජන් දුන්නා තමයි. නමුත් අසාධ්‍ය වුණේ නෑ.”

එහෙනම් ඔක්සිජන් දුන්නේ ඇයි…?“ශරීරයේ ඔක්සිජන් තත්ත්වය අඩු වූ දෙතුන් වෙලාවක ඔක්සිජන් දුන්නා. එහෙම නැතුව හුස්ම ගන්න බැරුව අමාරුවෙන් හිටපු නිසා ඔක්සිජන් දුන්නා නෙවෙයි. වෛද්‍යවරු පරීක්ෂා කරලා ශරීරයට අවශ්‍ය නිසයි දුන්නේ. තාත්තාට අමාරුවක් නෑ.”

පියාට කොවිඩ් කියලා දැනගත්තේ කොහොමද.?“මුලින්ම හැදුණේ මටයි.”

ඔබ හිතන විදිහට ඔබට ආසාදනය වුණේ කොහොමද…?“මම තමයි ගෙදරින් එළියට යන්නේ. බැංකුවට, ෆූඩ් සිටි එකට ගිය වෙලාවක කාගෙන් හෝ මට වයිරසය ආසාදනය වන්නට ඇති”

සති කිහිපයකට පෙර එක්තරා රූපවාහිනී වැඩසටහනකටත් පියා සහභාගි වුණා නේද.?“ඔව්. ඒත් එහිදී බෝවුණා කියලා මම හිතන්නෙ නැහැ. ඒ සති දෙකකටත් කලින්. මුලින් හැදුණේ මටයි. පසුවයි තාත්තාට හැදුණේ. මගෙන් තමයි ඔහුට වැලඳෙන්න ඇත්තේ. නංගිට හැර අපි හැමෝටම හැදුණා. මගේ දරුවො දෙන්නාටත් ආසාදනය වුණා.”

තාත්තාට රෝග ලක්ෂණ දකින්න තිබුණද?“ඔව්. සැරෙන් සැරේට අඩුවන, වැඩිවන උණ ගතියක් තිබුණා.”

ඔබ පියා සමඟ නිතරම සමීපව කටයුතු කරනවාද?“තාත්තාට එන වැඩ ගොඩකට උදවු වෙන්නේ මමයි. තාත්තා පසුගිය කාලෙත් ගෙදර ඉඳන් පටිගත කිරීම් රාශියක්ම කළා. මම තමයි ඒවා වට්ස්ඇප් හරහා යැව්වේ. ඒ වැඩවලදී තාත්තායි මමයි ගොඩාක් සමීපව වැඩ කරනවා.”

පියා බෝ නොවන රෝගවලින් පෙළෙනවාද?“අවුරුද්දක් විතර වෙනවා රුධිරයේ සීනි මට්ටම වැඩි වෙලා. ඒ වෙනකන් කිසිම ලෙඩක් තිබුණේ නෑ. සීනිත් ගොඩක් ඉහළ මට්ටමක නැහැ. තාත්තට වයස අවුරුදු 70ක්. ඒ වයසේ හැටියට නම් ඔහුට ලෙඩ නැහැ”

සමාජ මාධ්‍යවල පළවූ වැරදි ප්‍රචාර නිසා කරදරයක් වුණේ නැද්ද?‘‘නෑ. රෝහලේම හිටපු කවුරුහරි කෙනෙක් තාත්තගේ ෆොටෝ අරගෙන දාන්න ඇති. මට තිබුණු ලොකුම කරදරය දුරකතන ඇමතුම්වලට උත්තර දීලා ඉවරයක් නැති වීමයි. ඒ නිසා නම් පුදුම කරදයක් වින්ඳා.”

ඒ අතර සුනිල් පෙරේරාට ආදරය කරන අයත් ඉන්න ඇති නේද?“ඔව්. ඒ අයත් කතා කළා. ඒ වගේම ගොසිප් හොයන්න, ඒවා අලුත් කරන වුවමනාව තිබුණු අයත් ඇතුළුව විශාල පිරිසක් කතා කළා. බැරිම තැන මම දවස් කීපයක් ෆෝන් එක පැත්තකට දාලා තිබ්බා.”

මේ වෙද්දි පියාගේ තත්ත්වය කොහොමද?තාත්තා දැන් සාමාන්‍ය තත්ත්වයෙන් ඉන්නවා.”

තුෂාරී කළුබෝවිලරසඳුන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
19
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
4
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
22
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
3
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
11
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

පොලීසිය ඉදිරියේ ම තරුණයෙකුට හිසට පහර දී මරා දාලා

පසුගිය 17 වැනිදා කන්කසන්තුරෙයි පොලීසිය ආසන්නයේදී මිය ගිය අයෙකුගේ මළ සිරුරක් හමු වූ අතර...

බනිස් කකා සිටියදී දුවගේ හිස කඩාවැටුණා යැයි බිරිඳ පැවසුවා

පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේ සය හැවිරිදි දැරියක් කොවිඩි ආසාදිතව මරුමුවට පත්ව තිබේ . හදිසියේම අසනීපව...

ජනපති සහ කුවේට් අගමැති අතර හමුව

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ කුවේට්...

ඝාතනයකට හමුදාවේ තවත් 5ක් අත්අඩංගුවට

තොටළඟ අරුණ එල්ලේ කණ්ඩායමේ නායක අකිල සම්පත් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා ගැමුණු...

ජපන් රැකියා සඳහා කුසලතා පරීක්ෂණ අරඹයි..

ශ්‍රී ලංකා රජය හා ජපන් රජය අතර අත්සන් කරන ලද ගිවිසුම අනුව විශේෂිත නිපුණතා...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x