28 C
Colombo
Wednesday, June 16, 2021
logo

සැර කොරෝනා ප්‍රභේද පැතිරීම වේගවත් – මාසයක් ගෙදරම ඉන්නැයි රටටම දන්වයි

සැර කොරෝනා වයිරස ප්‍රභේද පැතිරෙමින් තිබෙන හෙයින් අඩු තරමින් මාසයක කාලයක් අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිය නිවෙස්වලට වී කාලය ගත කරන්නැයි මෙම නව කොරෝනා වයිරස ප්‍රභේද පිළිබඳව පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙම ඉන්දියානු හා බ්‍රිතාන්‍ය වයිරස ඉතා වේගයෙන් පැතිරෙන ප්‍රභේද දෙකක් බවත් බ්‍රිතාන්‍ය ප්‍රභේදයේ සංකූලතා වැඩි බවත් ඔහු හෙළි කළේය.

මෙම සැර කොරෝනා වයිරස ප්‍රභේද නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු නිශ්චිත ස්ථාන කිහිපයකින් දැනට හමුවී ඇතත් මේවා සමාජයට පැතිර නොයා වී යයි සිතිය නොහැකි බව ද ඔහු අවධාරණය කළේය.

මොන සැර ප්‍රභේද ආවත් ඒවා තමන්ගේ ඇඟ ඇතුළට නොගැනීම සියලු දෙනාගේ වගකීමක් බව කී චන්දිම ජීවන්දර මහතා නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීමෙන් වයිරස පරාජය කළ හැකි බවද කීවේය.

මේ අතර නව කොරෝනා වයිරස ප්‍රභේද හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ කටයුතු වේගවත් කර ඇතැයිද ඒ සඳහා අවශ්‍ය උපකරණ කට්ටල රැසක් ලබාගෙන ඇතැයි ද ජීවන්දර මහතා පැවසීය.

මුව ආවරණ නිසි පරිදි පැළඳීම, සබන් යොදා නිතර අත් සේදීම හා දෑත් පිරිසුදු කරන විසබීජහරණ දියර පාවිච්චිය කොරෝනා වයිරසයෙන් ගැලවීමට තිබෙන ප්‍රධාන මෙවලම් බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
2
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
23
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
5
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

CID නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට පළමු වරට කාන්තා නිලධාරිනියක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට ප්‍රථම වතාවට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක පත්කර තිබෙනවා.මෙලෙස...

කොරෝනා මරණ දෙකට බෙදයි!

සෞඛ්‍ය අමාත්‍යාංශය COVID-19 සහිත පුද්ගලයින්ගේ මරණ වර්ගීකරණයකට පක් කරීමට කටයුතු කොට ඇත.ඒ අනුව “කොවිඩ්...

දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ ගණන – තරුණයින් කිහිප දෙනෙකුත් ඒ අතර

කොවිඩ් ආසාදිත මරණ 67ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව...

නාන සිසුවිය දුටු ආරක්ෂක භටයාට උන්හිටිතැන් අමතක වෙයි – දැරිය රෝහලේ

සිවිල් ආරක්ෂක භටයෙකු විසින් පාසල් සිසුවියක් දූෂණය වීමේ පුවතක් බිබිල, මැදගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.අදාළ...

ඔබත් සැලකිලිමත්වන්න – විශේෂ දැනුම්දීම මෙන්න

ඉදිරි පැය කිහිපයේදී මීගමුව සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශ සහ දකුණු...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x