සිංහයාට කොරෝනා! දෙහිවල තවත් සතුන් හිටි හැටියේ මිය ගහින්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි වාර්තා වනවා.

මෙසේ කොරෝනා වැළඳී ඇත්තේ 2012 වසරේදී දකුණු කොරියාවෙන් ජාතික සත්වෝද්‍යානයට ගෙන එන ලද, සත්වෝද්‍යානයේ සිංහ දූපතේ විසූ තෝර් (Thor) නමැති කේසර (පිරිමි) සිංහයාටය.

දින කිහිපයක් කැස්සකින් හා උගුරේ වේදනාවකින් පීඩා විඳි මෙම සිංහයා පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් මේ බවයි අනාවරණය වී තිබෙන්නේ.

ඉන් පසු පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යොමුකළ සතාගේ සෙම පටල පරීක්ෂාවෙන් කොවිඩ් බවයි තහවුරු වී ඇත්තේ.

මේ අතර සිංහ කූඩුව භාරව සිටි සත්ව රැකවලූන් දෙදෙනකු සත්වෝද්‍යානය තුළත්, තවත් රැකවලකු නිවසේත් නිරෝධායනය කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වනවා.

තවත් සතුන් හිටි හැටියේ මිය ගහින්

සිංහයා අසනීප වූ දිනවලට ආසන්න දිනවලදී සත්වෝද්‍යානයේ විසූ සීබ්‍රා පැටවකු සහ වැඩුණු හිපපොටේමස් සත්වයකු ද හිටි හැටියේ මියගොස් සිටි බවත් වාර්තා වනවා.

එම සතුන් දෙදෙනාද කොරෝනා වැළඳී මිය ගියේ දැයි සැකයක් පවතින බවයි එහි නිලධාරීන් පෙන්වා දෙන්නේ.

කෙසේවුවද, ඔවුන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර නොමැති බව ද මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

ආසාදිත තෝර් නමැති සිංහයා වෙසෙන සිංහ දූපත තුළ 2012 වසරේදීම මෙරටට ගෙන එන ලද ෂීනා (Sheena) නමැති සිංහ ධේනුව සහ සිංහයින් සිව්දෙනකු සිටින බව වාර්තා වනවා.

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවේ දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ කේසර පිරිමි සිංහයකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබෙන බවයි.

සිංහයා නිරෝධායනයට

මේ බව තහවුරු වීම නිසා කොවිඩ් ආසාදිත එම සිංහයා සත්වෝද්‍යානයේම වෙනම ස්ථානයක නිරෝධායනයට යොමුකර ඇතැයිද ඔහු ප්‍රකාශ කළා.

එසේම සිංහ දූපතේ සිංහ ධේනුවද කිසියම් මැලවුණු ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා එම ධේනුව ගැනද සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරු දැඩි විමසිල්ලෙන් පසුවෙන බවයි වාර්තා වනවා.

සෙසු පිරිමි සිංහයන් දෙදෙනා නිරෝගී තත්ත්වයෙන් පසුවන බවද එහි ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
5
27.svg?v=2.6
මලපනිනව !
3
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වගකීම් අත්නොහල ලාංකිකයින්

මෙරට කොවිඩ් ව්‍යාප්තියේ උච්ච්තම අවස්ථාවට එළඹුණේ ඉකුත් අගෝස්තු සහ සැප්තැම්බර් මාසයන් හිදීය. එම කාල සීමාව...

එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් අල්ලන මහ බැංකුවේ වාහන සම්බන්ධ යෝජනාව මෙන්න

මෙරටට වාහන ආනයනය කිරීමේ දී ඊට අදාළ බදු සහ අනෙකුත් ගෙවීම් විදේශ විනිමය හරහා...

අයර්ලන්ත පන්දු යවන්නෙක් පිට පිට කඩුලූ 04ක් දවා ගනියි

පිට පිට යවන ලද පන්දු 04කදි කඩුලු 04ක් දවා ගැනීමට අයර්ලන්ත පන්දු යවන්නෙකු වන...

ත්‍රිකුණාමලයෙන් අවසන් වූ නවසීලන්ත ගමන

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන්, විදෙස්ගත වීමට සූදානමින් සිටි පුද්ගලයින් 65 දෙනෙකු ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට ගෙන...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (18) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x