27 C
Colombo
Sunday, April 11, 2021

සිංහරාජයේ වන විනාශයක් සිදුව නොමැති බව, යුනෙස්කෝව කියයි (වීඩියෝ)

සිංහරාජ වනාන්තරයේ කිසිදු වන විනාශයක් සිදු වී නොමැති බව යුනෙස්කෝ ජාතික කොමිසම් සභාව ප්‍රකාශ කළා.

එහි ලේකම්, ජනරාල් ආචාර්ය පුංචිනිළමේ මීගස්වත්තේ වැඩිදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිංහරාජ වනාන්තරය කිසිදු අවස්ථාවක ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් නොමැති බවයි

කෙසේ වෙතත් සිංහරාජ ලෝක උරුම වනාන්තරය තුළ හෙක්ටර්යාර 5ක වපසරියකින් යුත් ජලාශ දෙකක් තැනීම පිළිබඳව ඉල්ලීමක් යුනෙස්කෝ ආයතනයට යොමුකර ඇති බවත් මේ දක්වා එම ඉල්ලීම් වලට යුනෙස්කෝව ප්‍රතිචාර දක්වා නොමැති බවත් ආචාර්ය මීගස්වත්තේ පවසනවා.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ඇතුළු නිලධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ එහි පැවැත්මට බලපාන කරුණු සාකච්ඡා කළ බව ආචාර්ය මීගස්වත්තේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එහිදී අමාත්‍යවරයා ඇතුළු පිරිස පවතින තත්වය අවබෝධ කරගැනීමෙන් අනතුරුව අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ඉවත්කරගැනීමට කැමැත්ත පළකර තිබෙනවා.

ඒ අනුව කිසිදු අවස්ථාවක හෙක්ටයාර 8000කින් සමන්විත සිංහරාජ ලෝක උරුම වනාන්තරය තුළ ඇති ජෛව විවිධත්වයට හානි ආකාරයේ කිසිදු ඉදිකිරීමක් සිදුකිරීමක් නොකෙරෙන බව ආචාර්ය පුංචිනිළමේ මීගස්වත්තේ වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, සිංහරාජයේ වන විනාශයක් සිදුවන බවට අසත්‍යය චෝදනා කරමින් ඇතැම් පාර්ශව රජය අපහසුතාවට පත් කරමින් සිටින බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පවසනවා.

ඔවුන් මේ බව කියා සිටියේ සිංහරාජ රක්ෂිතයේ හෝටලයක් ඉදිකරන බවට පැවසෙන ප්‍රදේශයේ ඊයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොළඹ ඇලවෙන කුලුනේ රුපියල් කෝටි 1200ක වංචාවක්

කොළඹ ‘ඇලවෙන කුලුන’ නමින් ප්‍රචලිත ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ කොටස් විකුණා රුපියල් කෝටි...

ඇස්ට්‍රා සෙනිකාට තිඹිරිගෙයින්ම රතු එළියක්

වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන් සඳහා ඇස්ට්‍රා සෙනිකා එන්නත වෙනුවට ආදේශක එන්නතක් ලබාදියයුතු බවට...

UPDATE :හදිසි දුම්රිය වර්ජනයක්

පරිපාලනමය තීරණයක් සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් හේතුවෙන් දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරු සහ නියාමක...

යාපනය නගර සභා පොලිස් ඒකක නිල ඇඳුම කොටි පොලිස් නිල ඇඳුමට සමානයි

යාපනය නගරයේ පිරිසිදු බාවය ආරක්ෂා කරගැනීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් නගරසභා ආරක්ෂණ පොලිස් බලකායක්...

බදුල්ලේ ගුරුවරු ලෙඩවෙයි – අකුරට ගිය සිසුන් යළි නිවසට

වැටුප් විෂමතා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුලකරගනිමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති ඒකාබද්ධව උද්ඝෝෂණ පාගමනක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x