30 C
Colombo
Friday, September 17, 2021

සියලුම රජයේ සේවකයන්ට ප්‍රතිලාභයක්

විශ්‍රාම ලැබූ සියලුම රජයේ සේවකයන්ට අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලබාදීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති රමේෂ් පතිරණ ඊයේ සඳහන් කළා.

දැනට එම ප්‍රතිලාභ හිමි වන්නේ 2016 ජනවාරි මස 01 දිනෙන් පසු රජයේ සේවයෙන් විශ්‍රාම ගත් අය සඳහා බව කී ඇමැතිවරයා ඔවුන්ට වයස අවුරුදු හැත්තෑව වන තෙක් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබා දෙන බවද කියා සිටියා.

දැනට පවතින ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කරමින් රජයේ සේවයෙන් විශ්‍රාම ලැබූ සියලුම විශ්‍රාමිකයන්ට අදාළ වන පරිදි අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

මට මගේ මහත්තයාගේ කරදර දරාගන්න බෑ

යුද හමුදා බුද්ධි අංශයේ සෙබළුන් පිරිසකගේ සහායෙන් සිය සැමියා ඝාතනය කළ බව කියන මට්ටක්කුලිය...

ජනාධිපතිවරයා අද ගන්න යන විශේෂ තීරණය මෙන්න

මාසයකට ආසන්න කාලයක් පුරා දැනට ක්‍රියාත්මක වෙන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වැනි දායින්...

යට ඇඳුම් ඕනෑ ප්‍රමාණයක් සැපයිමේ වගකීම ඇමති බන්දුල භාර ගනී

ඕනෑම කෙනෙකුට රෙදිපිළි ඇගළුම්වල, යට ඇඳුම් අවශ්‍යතාවක් තිබේ නම්, වෙළෙඳ අමාත්‍යවරයා ලෙස ඉල්ලන ඕනෑ...

අනුරාධපුර බන්ධනාගාරයේ ඇමතිවරයෙක් සිරකරුවන් දණගස්වා හිසට පිස්තෝලය තියලා

හෙලිකොප්ටරයකින් අනුරාධපුරයට පැමිණි ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු අනුරාධපුර බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරී ඇති බව සමගි ජන...

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා නිල සංචිතය මෙන්න

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x