28 C
Colombo
Friday, May 14, 2021

සියලු වාර්තා අලුත් කරමින්, ඊයේ දිනයේදී මෙරට තුළ හඳුනාගත් කොරෝනා රෝගීන් හෙළිදරව්වක්

මෙරටින් අඛන්ඩව දෛනික කොරෝනා ආසාදිතයන් දහස ඉක්මවා පස්වන දිනටත් ඊයේ වාර්තාවුණා.

ආසාදිතයන් 1,716 දෙනෙකු ඊයේ හඳුනාගැණුනු අතර එය කොරෝනා ඉතිහාසයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවයි.

ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 375ක්.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 247ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 158ක් වාර්තාවී තිබෙනවා.

අනෙක් ආසාදිතයන් 919 වාර්තාවන්නේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්වලින්.

පළමුවරට මෙරටින් දෛනික ආසාදිතයන් දහස ඉක්මවා වාර්තාවූයේ පසුගිය අප්‍රේල් 27 වනදා වන අතර එදින රෝගීන් 1,111 දෙනෙකු වාර්තාවූණා.

විසි අටවනදා එම සංඛ්‍යාවද අභිබවා දෛනික ආසාදිතයන් දැක්වුණේ 1,466ක් ලෙසයි.

එම ආසාදිතයන්ද ඉක්මවා යමින් 29 වනදා ආසාදිතයන් 1,531 දෙනෙකු වාර්තාවූ අතර, අප්‍රේල් 30 වනදා ආසාදිතයන් 1,662ක් වාර්තාවුණේ ඒ දක්වා මෙරට වැඩිම දෛනික ආසාදිත සංඛ්‍යාව සටහන් කරමින්.

කෙසේ වෙතත් ඊයේ දිනයේ එම වාර්තාව ද අලුත් කරනු ලැබුවා.

ඒ අනුව නව ආසාදිතයින් 1,716ක් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 109862ක් ලෙසයි.

නව රෝගීන්ගෙන් 1699 දෙනෙකු අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන්හි සිට පැමිණි 17 දෙනෙකු ද ආසාදිතයින් ලෙස තහවුරු කෙරුණා.

ඒ අනුව අලුත් අවුරුදු සමයෙන් පසුව වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 13406ක් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

තවදුරටත් රෝගීන් 12,697ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 96,478ක්.

දින හයක් තුළ මෙරටින් කොරෝනා මරණ 34 ක් වාර්තාවී ඇති අතර, ඊයේ දිනයේ ද කොරෝනා මරණ 09ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 687ක් දක්වා ඉහළ ගියා.

මෙම මරණවලින් හයදෙනෙකුම මියයෑමට කොවිඩ් නියුමෝනියා තත්වයද හේතුවී තිබෙනවා.

මියගිය අය අතර, අවුරුදු 33 ක් වයසැති යක්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද වන අතර, සෙසු පුද්ගලයින් අවුරුදු 57 ත් 79 ත් අතර වයස්වල පසුවන වලපනේ, කරඳන, දේවාලගම, රත්නපුර, කුලියාපිටිය, අවිස්සාවේල්ල, රුවන්වැල්ල සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර කොරෝනා නීති උල්ලංඝනය කරමින් විශාල පිරිසක් රැස් කරගෙන දේව මෙහෙයන් පවත්වන ලද මන්නාරම ප්‍රදේශයේ දේවස්ථාන දෙකක් ඊයේ සිට සති දෙකකට වසා දැමීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගත්තා.

එමෙන්ම නිරෝධායන නීති උල්ලංඝනය කළ 187 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔවුන්ගෙන් 45 දෙනෙකු ත්‍රිකුණාමලයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගල්කිස්ස ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 21ක්.

ඉන් අටදෙනෙකු සම්භාහන මධ්‍යස්ථානයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
2
හරි හිනා !
3
හම්මෝ !
4
මාර දුකයි !
12
කුජීතයි !
2
මලපනිනව !
5
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කුවේටයේදී ඝාතනයට ලක්වූ මෙරට ගෘහ සේවිකාවකගේ සිරුරක් කටුනායකට

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක් ලෙස සේවයේ නිරතව සිටියදී ඝාතනයට ලක්වූ මෙරට කාන්තාවකගේ මළ සිරුරක්...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ විශේෂ මාධ්‍ය හමුව (වීඩියෝ)

රාජ්‍ය, පෞද්ගලික, අත්‍යාවශ්‍ය සේවා සඳහා පළාත් අතර සංචරණයට අවසර - බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක්...

නිශාරා ජයරත්න ගැන අලුත්ම පුවතක් : තනතුර ව්‍යාජයි – අමුතුවෙන් ඉවත් වෙන්න දෙයක් නෑලු

අධිනීතිඥ නිශාරා ජයරත්න මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුව තුළ දැරූ නීතිපති සම්බන්ධීකරණ නිලධාරී ධූරය සම්බන්ධයෙන් නීතිපති...

දුම්රිය ධාවනය පළාත් තුල පමණයි – දුම්රිය දෙපාර්තමේන්තුව

පළාත් අතර සංචරණ සීමා පැනවීමත් සමඟ, පළාත් තුල පමණක් දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව...

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් නිකුත් කළ නව චක්‍රලේඛය මෙන්න

රට තුළ ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ, රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට...

අනුරපුරේ අද්භූත ‘සක්වල චක්‍රය’ වෙනත් ලොවකට යන රහස් දොරටුවක්ද?

ශ්‍රී ලංකාවේ පූජනීය නගරයක් බව අමුතුවෙන් කිව යුතු නැති අනුරාධපුරය මෙතෙක් හඳුනා නොගත් පියාඹන...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x